Friday, October 27, 2017

මුස්ලිම් ජාතික දරුවෙකු පැවිදි බිමට - මුස්ලිම් පවුලක එකම පිරිමි දරුවා - ISIS සංවිධානය ඉදිරියට සාමය ගෙනයාම එක අරමුණක්



අප සිදුකරගෙන යනු ලබන ආගමික ජාතික ශාසනික සේවාව වචනයෙන් අගය කරන්නෝ බොහෝ දෙනෙක් සිටි. ඔහුන් අපව දිරිමත් කරයි. එ දිරිමත් කිරීම නිබදව අපේ කැපවීම තව තවත් ධෛරයමත් කිරීමට හේතු වේ. එහි ප්‍රතිපලයක් ලෙස රාජගිරියේ පදිංචි මොහොමඩ් ෂුවේර් ඉසඩ් පියාගේ හා සිත්තා සීමතී ෂුවේර් මෑණියන්ගේ ආදරණීය එකම පුතු මොහොමඩ් ෂමීඩ් ඉසඩ් දරුවා 2017/10/27 දින උදෑසන 6:45 ට රාජගිරියේ චන්දානන්ද නමින් මා ගුරුදේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්  ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් විය.....
 විශේෂයෙන් එ සදහා සහෝදරත්වයෙන් ලෙන්ගතුව අප අසලම සිටින සිංහලේ අපි ජාතික සංවිධානයේ දේශීය විදේශීය තරුණ පිරිසට හා කාන්තා සංවිධානයේ ඔබට මූලිකව කෘතවේදීව පිං අනුමෝදන් කරමි.
එ දිරිහැන්වීම් හා සහයෝගයන් පිළිබදව ඔබට අවංකවම සතුටුවිය හැකි දිනයක් ලෙස අද දවස හැදිනිය හැක. සම්බුද්ධ ශාසනයේ හෙට දවස වෙනුවෙන්  කුල දරුවන් තිදෙනෙක් මගේ ගෞරවනීය ගුරු හාමුදුරුවන්ගේ උපධ්‍යායත්වයෙන්  උතුම් පැවිදි බිමට පත්කිරීමට හැකි විය.
එ අතර එක් සුවිශේෂ දරුවෙක් ද සිටී. ඔහුගේ නම මොහොමඩ් සමීර් ඉෂඩ්. වයස අවුරුදු 14 යි. අද සිට ඔහු රාජගිරියේ චන්දානන්ද නමින් පැවිදි බිමට පත්විය. මේ දරුවා අපට ගෙනවිත් බාර දෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ අප හිතවත් ව්‍යාපාරික මහත්මයෙක්.
 අම්මයි තාත්තයි පුතයි තුන් දෙනා ම මුස්ලිම් ජාතිකයෝ. ඉස්ලාම් භක්තිකයෝ. අප විසින් ඔහුන් ඇසුරු කිරීමට පටන්ගෙන සුළු කාලයක් තුළ බුදු දහම කෙරෙහි අප්‍රමාණව පැහැදීමට පත් උනා. අප ඉතා පැහැදිලිව ඔහුනට අවබෝධ කරවනු ලැබූයේ බෞද්ධ භික්ෂූන් යනු අන්‍ය ආගමිකයන්ට හා ජාතිකයන්ට කරදර හිරිහැර  කරන පිරිසක් නොව අප එසේ ආවේගයෙන් මෙන් හඩ නගා සමාජය ආමන්ත්‍රණය කරන්නේ අන්තවාදී මුස්ලිම් හා ව්‍යාප්තවාදී කතෝලික ආගමික කණ්ඩායම් විසින් සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය මිනිසුන් අතර වෛරය ඇතිකිරීමට ගන්නා ලජ්ජිත උත්සහය හෙළා දැකීමට හා ඔහුන්ගේ ක්‍රියාවන් සමාජය ඉදිරියේ නිරුවත් කිරීමට බවත් ය. අපට අන්‍ය ආගමික ජාතික මිනිසුන් සමග වෛරයක් ඊර්ෂ්‍යාවක් කුහකකමක් නැ. අපට ඇත්තේ සාමකාමී සමාජය අවුල් ජාලයක් බවට පත් කරන අන්තවාදීන්ගේ හා ආගමික ව්‍යාප්තවාදීන්ගේ  ක්‍රියාවන් පිළිබද ගැටලුවක් පමණි.
උතුරේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන් නියගයෙන් පිඩා විදින විට ජල බෝතලය බෙදා දීමට නිර්ණායකය ලෙස ජාතිය හෝ කුලය නොව සැලකිල්ලට ගත්තේ පිපාසයම පමණකි. දකුණට ගංවතුර ගලන විට වියලි ආහර හා සනීපාර්ක්ෂක උපාංග බෙදා දීමෙදී නිර්ණායකය ලෙස ජාතිය ආගම නොසැලකු බවත් සැලකිල්ලට ගත්තේ ජලයෙන් පිඩා විදින මිනිසුන් යන්න පමණක් බවත් කරුණාවෙන් සිහිපත් කරන්නෙමි. සිංහලේ අපි වෙනස් විදියට හිතන මිනිස්සු කොයන්මේ එ නිසයි.
එ බැවින් අප එදා මෙන්ම අද හා හෙට ද අවිහිංසාවාදයෙන් ම අපගේ ආගමික ජාතික ශාසනික කටයුතු සිදු කරන්නෙමි. කතා කළ යුතු තැන නිහඩවන්නෙත්, නිහඩ විය යුතු තැන කතා කරන්නෙත් නැත. සමාජ කතිකාවත් ඉදිරියේ නිහඩව සිටීම අනුමත කිරීමක් ලෙස සලකා නිහඩව නිසොල්මනේ සිටින්නේ  ද නැත.
ඒ අනුව මේ කරුණු කාරනා සාකච්ඡා කිරීම හා කාලයක් තිස්සේ අප සමග පැවැත් වූ ඇසුර හේතුවෙන් බුදු දහම කෙරෙහි පැහැදීමට පත් රාජගිරියේ චන්දානන්ද පොඩි හාමුදුරුවන්ගේ පියාණන් වන මොහොමඩ් ෂුවේර් ඉසෙඩ් හා මැණියන් සිත්තා සීමතී  දෙපළ එකතුව තම කුසින් වැදූ එකම දරුවා සසුනට පූජා කළා. අද එම ඉස්ලාම් දරුවා බුදු සෙවනේ පහස ලබමින් අප යටතේ බුදු දහම හා සිංහල සංකෘතිය ඉගෙන ගනිමින් සිටී. ඔහු අනාගතයේ ජිහාඩ්, අල්කයිඩා , ISIS, රොහින්‍යා ආදී ආගමික අන්තවාදී ත්‍රස්ථ කණ්ඩායම් ඉදිරියට සාමයේ පණිවිඩය ගෙන යනු දැකීම මාගේ එකම ප්‍රාර්ථනය යි. මේ ජීවිතයේ මා කළ  භාග්‍ය වන්ත ම ක්‍රියාවක් ලෙස මෙය සලකා ඔබට ද පින් අනුමෝදන් කරන්නෙමි.

මෙවැනි දරුවන් දහසකයේ නෙත් පැදීමට ඔබත් අප සමග අත්වැල් බැදගන්න

No comments:

Post a Comment