Tuesday, October 3, 2017

කොමිසමේ නියෝගය නිසා ඇලෝෂියස් දැන් සාක්ෂි දෙන් නෑ.. ඊයේ කොමිසම හමුවේ අර්ජුන මහේන්ද්‍රන් දුන් උත්තර සියල්ල මෙන්න.. කියවලම බලන්න මෙය මේ දෙන උත්තර මොන වගේද කියල..

කොමිසමේ නියෝගය නිසා දැන් අර්ජුන් ඇලෝසියස්‌ මහතා කොමිසම හමුවේ සාක්‍ෂි නොදෙන බව ඊයේ (03 දා) අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සාක්‍ෂි විභාගය අතරතුර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා මතු කළ කරුණකට ප්‍රතිචාර දක්‌වමින් ඡේHෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ කියා සිටියේය. 
 
 මෙයට ප්‍රතිචාර දක්‌වමින් විනිසුරු ජයවර්ධන කීවේ නීතියට අනුව කටයුතු කළ යුතුව ඇති බවත් අවශ්‍ය නම් එම නියෝගය අභියෝගයට ලක්‌ කිරීමේ හැකියාව පවතින බවයි.
 
 එම නියෝගයට එකඟ නොවන බව ලිවේරා මහතා ප්‍රකාශ කළ අවස්‌ථාවේ විනිසුරු ජයවර්ධන මේ බව කීවේය.
 
 දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ (3 දා) තුන් වන දිනටත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් ප්‍රශ්න අසන ලදී. ලිවේරා මහතා අසන ලද ප්‍රශ්නවලට මහේන්ද්‍රන් මහතා විසින් ලබා දෙන ලද පිළිතුරු මෙසේය.
 
 ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා - ඔබ අර්ජුන් ඇලෝසියස්‌ගේ පුද්ගලික සහකාර ස්‌ටීව් සැමුවෙල්ව දන්නවද?
 
 සාක්‍ෂිකරු - නෑ.
 
 ඡේ. අ.සො. ජනරාල් - ඔහුව හමුවෙලා නෑ?
 
 සාක්‍ෂිකරු - නෑ.
 
 ඡේ. අ. සො. ජනරාල් - ඔහු ගැන අහලවත් නෑ?
 
 සාක්‍ෂිකරු - අහල නෑ. කොමිසම පටන් ගත්තයින් පසු ඒ නම මම මාධ්‍යයෙන් දැක්‌කා. ඊට පෙර මම අහල නෑ.
 
 ඡේ. අ. සො. ජනරාල් - ඔබ ඉන්න නිවසට ඇවිත් තියෙනවද?
 
 සාක්‍ෂිකරු - මම ඉන්නෙ දියණියත් සමඟ ඔහු ඇතැම් විට එන්න ඇති. ඒත් ඒ ගැන මම දන්නෙ නෑ.
 
 ඡේ. අ. සො. ජනරාල් - ඔහුව දැකල තියෙනවද?
 
 සාක්‍ෂිකරු - නෑ.
 
 ඡේ. අ. සො. ජනරාල් - ඔබ ඔහු ගැන කිසි දෙයක්‌ දන්නෙ නෑ?
 
 සාක්‍ෂිකරු - නෑ.
 
 ඡේ. අ. සො. ජනරාල් - ස්‌ටීව් සැමුවල් අර්ජුන් ඇලෝසියස්‌ගෙ පුද්ගලික සහකාර එය ඔබ පිළිගන්නවද?
 
 සාක්‍ෂිකරු - මම ඒ ගැන දන්නෙ නෑ.
 
 ඡේ. අ. සො. ජනරාල් - ඒ බව ඔබ පිළිගන්නවද?
 
 සාක්‍ෂිකරු - මම ඒ වචනය පිළිගන්නම්.
 
 ඡේ. අ. සො. ජනරාල් - ඔහු (ස්‌ටීව් සැමුවෙල්) අර්ජුන් ඇලෝසියස්‌ සමඟ දිනපතා ව්‍යාපාර කටයුතු සහ දෛනික කාලසටහන ගැන සන්නිවේදනය කර තිබෙනවා.
 
 සාක්‍ෂිකරු - මට එය තහවුරු කරන්න බෑ.
 
 ඡේ. අ. සො. ජනරාල් - අර්ජුන් ඇලෝසියස්‌ට ඔබගෙන් ඉටුකරගත යුතු දේවල් (ඔයසබටි එද dද කසිඑ) ගැන ලිපිගොනුවක්‌ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ නඩත්තු කර තිබෙන බව ඔබ දන්නවාද?
 
 සාක්‍ෂිකරු - නෑ. ස්‌වාමීනි.
 
 ඡේ. අ. සො. ජනරාල් - අර්ජුන් ඇලෝසියස්‌ සහ ස්‌ටීව් සැමුවෙල් අතර හුවමාරු වී ඇති කෙටි පණිවුඩ මගින් එවැනි ලිපිගොනුවක්‌ පැවැති බව තහවුරු වෙනවා.
 
 සාක්‍ෂිකරු - මම ඒ ගැන දන්නෙ නෑ.
 
 ඡේ. අ. සො. ජනරාල් - ඔබ වෙනුවෙන් ඉටුකරගත යුතු දේවල් (ඔයසබටි එද dද) සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගෙම් ලිපිගොනුවක්‌ පැවැති බව ඔබ දන්නවාද?
 
 සාක්‌ෂිකරු - මම දන්නේ නැහැ.
 
 ඡේ.අ.සො. ජනරාල් - ඒ වගේම තවත් ඉටුකරගත යුතු දේවල් (ඔයසබටි එද dද) සඳහන් ලිපිගොනුවක්‌ ආර්කේ (Rණ) නමින් හැඳින්වෙන පුද්ගලයකු වෙනුවෙන් පවත්වාගෙන ගොස්‌ තිබෙනවා. ඔබ ඒ ගැන දන්නවද?
 
 සාක්‌ෂිකරු - නෑ
 
 ඡේ.අ.සො. ජනරාල් - ඒඑම් (Aඵ) ලෙස හඳුන්වන්නේ කවුද?
 
 සාක්‌ෂිකරු - ඒ ගැන මට අදහසක්‌ නෑ ස්‌වාමිනී.
 
 ඡේ.අ.සො. ජනරාල් - ඒඑම් ලෙස හඳුන්වන්නේ ඔබ විය නොහැකිද?
 
 සාක්‌ෂිකරු - කිසිසේත්ම නෑ. මාව හඳුන්වන්නේ අර්ජුන කියලයි.
 
 ඡේ.අ.සො. ජනරාල් - අර්ජුන මහේන්ද්‍රන් 
 
 සාක්‌ෂිකරු - ඔව්
 
 ඡේ.අ.සො. ජනරාල් - ඒඑම්? (Aඵ)
 
 සාක්‌ෂිකරු - කිසිවකු මාව ඒඑම් (Aඵ) ලෙස හඳුන්වන්නේ නෑ
 
 ඡේ.අ.සො. ජනරාල් - මම අහන්නේ දුරකථනයෙන් කෙටි පණිවුඩ යෑවීමේදියි මහේන්ද්‍රන් මහත්මයා ඒaඑම්, ආර්කේ, පීඑම් වශයෙන්?
 
 සාක්‌ෂිකරු - මට අධිපති, හිටපු අධිපති සහ අර්ජුන මහේන්ද්‍රන් යනුවෙන් හඳුන්වනවා. එහෙත් ඒඑම් (Aඵ) කියල හඳුන්වනවානම් මම අහල නෑ.
 
 ඡේ.අ.සො. ජනරාල් - අර්ජුන ඇලෝසියස්‌ ඒඑම් (Aඵ) සහ ආර්කේ (Rණ) කියල හඳුන්වනවනම් ඒ ගැන ඔබට අදහසක්‌ නැද්ද?
 
 සාක්‌ෂිකරු - මට ඒ ගැන කිසිම අදහසක්‌ ඇති වන්නේ නෑ.
 
 ඡේ.අ.සො. ජනරාල් - පීඑම් (ඡඵ) කිව්වොත් ඒ ගැන අදහසක්‌ ඔබට තියෙනවද?
 
 සාක්‌ෂිකරු - මොන පසුබිමකින් මේ ප්‍රශ්න අහනවද මට පැහැදිලි නැහැ ස්‌වාමිනී
 
 ඡේ.අ.සො. ජනරාල් - මම අහන්නේ දුරකථනයෙන් කෙටි පණිවුඩ යෑවීම ගැනයි.
 
 එවැනි පණිවුඩයක පීඑම් (ඡඵ) කිය සඳහන් වුණොත් ඒ කවුද කියල ඔබට අදහසක්‌ නැද්ද?
 
 සාක්‌ෂිකරු - එම පණිවුඩයේ අන්තර්ගතය බලන්න ඕන. මට ලැබුණු දුරකථන කෙටි පණිවුඩයක පීඑම් (ඡඵ) ලෙස සඳහන් වුණොත් මම හිතන්නේ ඒ අගමැති (ඡරසප ඵසබසිඑeර) කියලයි.
 
 මම දන්න එකම පීඑම් (ඡඵ) අගමැතියි.
 
 ඡේ.අ.සො. ජනරාල් - එහෙනම් ආර්කේ (Rණ) කියල හැඳින්වෙන්නේ කවර පුද්ගලයෙක්‌ ද?
 
 සාක්‌ෂිකරු - මම ආර්කේ (Rණ) යනුවෙන් කිසිවකු හඳුන්වන්නේ නැහැ.
 
 ඡේ.අ.සො. ජනරාල් - ඔබට ආර්කේ (Rණ) යනුවෙන් සඳහන් පණිවුඩ ලැබිල නැද්ද?
 
 සාක්‌ෂිකරු - කිසිවිටෙක නැහැ.
 
 ඡේ.අ.සො. ජනරාල් - ඒඑම් (Aඵ) ලෙස සඳහන් පණිවුඩ ලැබිල තියෙනවද?
 
 සාක්‌ෂිකරු - නෑ ස්‌වාමිනී (සිනහමුසුව)
 
 ඡේ.අ.සො. ජනරාල් - මේ දුරකථන කෙටි පණිවුඩ තහවුරු කරනවා ඉටුකරගත යුතු දේවල් (ඔයසබටි එද dද සෙකැ) තිබුණු බව
 
 ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන (සාමාජික) - මේ පණිවුඩ ගැන මේ සාක්‌ෂිකරුට දැනුමක්‌ තියෙනවද කියන එක ගැන ප්‍රශ්නයක්‌ තියෙනවා නේද?
 
 ඡේ.අ.සො. ජනරාල් - ප්‍රශ්නය මේකයි. කොමිසම දුන් නියෝගය නිසා අර්ජුන් ඇලෝසියස්‌ දැන් සාක්‌ෂි නොදීමට තීරණය කර තිබෙනවා.
 
 විනිසුරු ජයවර්ධන - අපි නීතියට අනුව කටයුතු කළ යුතුයි. එය පැහැදිළිව ප්‍රකාශ කළා.
 
 ඡේ.අ.සො. ජනරාල් - ඒ නියෝගයට එකඟ නොවන බව අප දැනටමත් ප්‍රකාශ කරල තිබෙනවා.
 
 විනිසුරු ජයවර්ධන - ඒක වෙනම ප්‍රශ්නයක්‌. ඔබට එය වෙනත් අධිකරණයක අභියෝගයට ලක්‌ කළ හැකියි. ඔබලා එය කරල නැහැ.
 
 ප්‍රශ්නය- ඔබ මහා බැංකුවේ අධිපති ධූරයෙන් 2016 ජුලි 20 දා ඉවත් වූවාට පසුව ඔබ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සමග සම්බන්ධකම් පැවැත් වූවද?
 
 මහේන්ද්‍රන්- වැඩි සම්බන්ධකම් පැවැත්වූවේ නැහැ. ඇතැම් අවස්‌ථාවලදී සමාගමට උපදෙස්‌ දෙන්න ඇති.
 
 ප්‍රශ්නය- ඒ සමාගමේ අය සමග ගොස්‌ එවකට සිටි මුදල් ඇමැති හමුවුණාද?
 
 මහේන්ද්‍රන්- නැහැ.
 
 ප්‍රශ්නය- ඔබ කරන මේ ප්‍රකාශය හරියටම හරිද. මුදල් ඇමැති හමුවෙලාම නැද්ද?
 
 මහේන්ද්‍රන්- නැහැ.
 
 ප්‍රශ්නය- පර්පෙචුවල් සමාගමේ තවත් නිලධාරීන් ප්‍රධාන තාක්‍ෂණ නිලධාරියා සහ තවත් අය සාක්‍ෂි දුන්නා. ඒ සියලු දෙනාම කොමිසම හමුවේ සාක්‍ෂි දෙන විට ඔබ මෙහි වාඩිවී හොඳට අසාගෙන හිටියා.
 
 මහේන්ද්‍රන්- ඇතැම් දිනවල හිටියා.
 
 ප්‍රශ්නය- කසුන් පලිසේන සහ ඔබේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්‌ අතර ඇතිවූ සාකච්ඡාව ඇතුළත් හඬපට වලටත් ඔබට සවන් දෙන්න ලැබුණා.
 
 මහේන්ද්‍රන්- ඔව්.
 
 ප්‍රශ්නය- ඔබට කන් නෑසීමේ දුර්වලතාවයක්‌ නැත්නම් ඒ කතාවූ සියල්ල ඔබට හොඳට ඇසෙන්න ඇතිනේ?
 
 මහේන්ද්‍රන්- ඔව්. නමුත් ඒ සාකච්ඡාවලින් මට ඇති පළක්‌ නැහැ.
 
 ප්‍රශ්නය- ඔබේ බෑනා ඒ දිනවල හිටියේ සිංගප්පූරුවේ. ඔහු කතා කළේ ලංකාවේ සිටි කසුන් පලිසේනට. ඒ සාකච්ඡා ගැන ඔබ දරන අදහස මොකක්‌ද?
 
 මහේන්ද්‍රන්- ඔවුන් දුරකථන හරහා මහා ලොකු දේවල් කතා කරනවා. හුඟක්‌ දේවල් මවා පාලයි කතා කරන්නේ.
 
 ප්‍රශ්නය- අර්ජුන් ඇලෝසියස්‌ කතා කරන විට ඔහු පැවසූ දේවල් කසුන් පලිසේන කඩදාසියක ලියා ගත්තා. ඔබේ බෑනා කී දේවල් ඔබට හොඳට ඇසුණා නේ. බැඳුම්කර වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කළ යුතු ආකාරය ගැන තමයි ඔහු සිංගප්පූරුවේ සිට පලිසේනට උපදෙස්‌ දුන්නේ. සමාගමට වාසියක්‌ ලැබෙන ආකාරයට ලංසු ඉදිරිපත් කළ යුතු මිල ගණන් ආදිය.
 
 මහේන්ද්‍රන්- ඒ ගැන මට කිසිවක්‌ කියන්න බැහැ.
 
 ප්‍රශ්නය- ඔබ රැකියාවක්‌ කරන්න පටන් අරන් කොපමණ කාලයක්‌ වෙනවද?
 
 මහේන්ද්‍රන්- අවුරුදු 35 ක්‌. 
 
 ප්‍රශ්නය- අවුරුදු 10 ක්‌ මහා බැංකුවෙත් රැකියාව කළා. ඊට පසුව අවුරුදු 1 1/2 ක්‌ මහ බැංකුවේ අධිපති ධුරයෙත් කටයුතු කළා.
 
 මහේන්ද්‍රන්- ඔව්.
 
 ප්‍රශ්නය- මහා බැංකුවේ වැඩ ගැන හොඳ දැනුමක්‌ පළපුරුද්දක්‌ ලබා තිබූ ඔබට ඒ දෙදෙනා කතා කළේ මොනවද කියල හිතා ගන්නවත් බැරි වුණා කියලද ඔබ කියන්නේ.
 
 මහේන්ද්‍රන්- මට හරියට තේරුම් ගන්න බැරිවුණා.
 
 ප්‍රශ්නය- ඔබේ බෑනාට ඉතාමත් ඉහළ තැනැත්තන් ඒ කියන්නේ මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් ඔබේ බෑනාට යම් රහසිගත හා තොරතුරු ලැබිලා. තිබුණා. ඒ අනුව තමයි ඔහු කසුන් පලිසේනට උපදෙස්‌ දුන්නේ බැඳුම්කර වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කළ යුතු ආකාරය ගැන. ඔබ ඒක පිළිගන්නවද?
 
 මහේන්ද්‍රන්- මම දන්නේ නැහැ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන          Diavaina 2017/10/04

No comments:

Post a Comment