Thursday, October 5, 2017

බයික් අරන් ගමේ ගිහින් කරපු නොමනා වැඩ නිසා ගම්මුන් දුවන්න ගුටි දීල.. ආයේ නම් ඔවුන් ජීවිතේට මේ වගේ වැඩ කරන එකක් නෑ.. අපි කාටත් මේවා හොද පාඩම්..


මතුගම කළුපහන ඇල්ලේ නෑමට හා විනෝදවීමට ඉකුත් (1)දා ගිය කොළඹ ප්‍රදේශයේ තරුණයන් අටදෙනෙකුගේ නොමනා හැසිරීම නිසා ගම්මුන් විසින් හොඳ හැටි පහරදී ඇතැයි මීගහතැන්න පොලීසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දැනුම් දීමක් මත පොලීසිය මැදිහත්වී අදාළ තරුණයන් බේරාගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියතු කලුපහන ප්‍රදේශයේ තරුණයෙකුගේ මිතුරෙකු සහ ඔහු සමග පැමිණි තවත් මිතුරන් හත්දෙනෙකු මෙදින සවස 2ටපමණ ඇලේලේ සාජ්ජය ආරම්භ කර ඇති අතර ඔවුන් පැමිණි ඉතා ඉහළ වටිනාකමකින් යුතු විවිධ මාදිලියේ යතුරුපැදි වලින් ගමේ තැන තැන සැරිසරමින් අමුතු රංගනයක යෙදී ඇත.
මධුවිතත් මුසුවූ මෙම රංගනය ගම්මුන් විසින් ඉවසුවද ගමේ අහිංසක ගෑනු ළමයින්ට කළ අනවශ්‍ය විහිළු ප්‍රදේශවාසීන්ගේ ඉවසීමේ සීමාවේ රතු කට්ට ඉක්මවා ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ගමේ තරුණ ප්‍රජාව කොළඹ ගැන්සිය අල්ලාගෙන හොඳ හැටි පූජාවක් දී ඇති අතර එයින් අන්දමන්ද වූ කොළඹ කරුණයන් හිස් ලූ ලූ අතට දිවගොස් ඇත.
යතුරුපැදි අතහැර කැලෑ වැදී තරුණයන් අතරමං වීමෙන් පසු කවුරුන් හෝ 119ට දුන් ඇමතුමක් අනුව මීගහතැන්න පොලිස් නිළධාරීන් පිරිසක් එහි ගොස් පිරිස බේරාගෙන ඇත.

No comments:

Post a Comment