Saturday, October 28, 2017

‘ඔ්කට ගහල දාපං’ කියා ‘අකුරු තුනේ’ ආණ්ඩුවේ ප‍්‍රබලයා කියයි..- බෙල්ලන්විල හිමි හෙලි කරයි..

දලදා මාලිගාවට මහා සංඝරත්නයට ජනතාව තුල ඇති ගෞරවය නැති කිරීම සදහා ආණ්ඩුව විසින් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති.

දලදා මාලිගාවට කෝටි ගානකට ඇතෙක් ගෙනාවේ යයි එල්ල වන චෝදනාව සම්පුර්ණයෙන් අසත්‍ය බවත් එය එම රජයේ පරිත්‍යාගයක් බවත් උන් වහන්සේ සදහන් කරති.
‘මූට මේ වෙලාවෙ ගහල දාපං’ යයි කියමින් මෙම වැඩපිලිවෙල ආරම්භ කර ඇත්තේ අකුරු තුනක නමක් සහිත ආණ්ඩුවේ ප‍්‍රධානියෙක් බවද උන් වහන්සේ කියා සිටියහ.
මේ ආකාරයේ කැත වැඩ මීට පෙර කිසිදු ආණ්ඩුවකින් සිදු නොකල බවද සදහන් කරන එහිමියෝ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටද කොලේ වහලා කරන සැලසුමක් ඇතැයිද සදහන් කරති.


කිරි අම්මා දානයට කවදාවත් වැරදිලාවත් මෙවැනි කිරි අම්මාවරු ගන්න එපා ගත්තොත් කරපු සේරම වැඩක් නැතිවෙයි



කිරි අම්මා දානය කිව්වම සිංහල අපි හැමෝම දන්නා හැමෝම සැදැහැසිතින් සහභාගී වන මහා දානමය පින්කමක්. අපි මේ දානමය පිංකම පත්තිනි මෑණියන් උදෙසා බාර ඔප්පු කිරීමට සිදුකරන අතර මේ සඳහා කිරි අම්මාවරු හත් දෙනෙකුද සහභාගී වෙනවා
නමුත් ඔබ දන්නවා අප පහත විදියෝවෙන් පෙන්වන ආකාරයේ කිරි අම්මාවරුන් මෙම පින්කමට සහභාගී වුවහොත් අප කරන මේ පින්කමේ අනිශංශ ආට නැතිවෙනවා මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

කොල්ලොන්ව රූම් එක්කගෙන ගිහින් ශක්තිය එන්න පෙතිත් දීලා මීරිගම අක්කා කෙනෙක් ගහපු අමුතු ගේම



පිරිමින් වගේම තමයි කාන්තාවනුත් අද වෙනකොට හොරකම් අතින් පිරිමින්ටත් වඩා සුපිරි ගැට දාලා ගේම දෙන හැටි අපිට නිතර දෙවේලේ අහන්න ලැබෙනවා. අපි අද කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් මීරිගම ප්‍රෙදේශයේ කාන්තාවක් ගහපු සුපිරිම ගේමක් ගැන. මායම් 64ම දාලා කොල්ලෝ වශී කරගෙන හොටෙල් රූම් වලට එක්කගෙන ගිහින් පුරුෂ ශක්තිය වැඩිවෙන්න කියලා පෙතිත් දීලා දීපු සුපිරිම ගේමක්
මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව හැබැයි ඉතින් කුලප්පුව හැදිලා දවසින් දෙකෙන් ගැහැණුත් එක්ක රූම් වලට රිංගන්න යන පිරිමින්ටත් මේවා හොඳ පාඩම් කියලා තමයි අපිට කියන්න වෙන්නේ


Friday, October 27, 2017

මුස්ලිම් ජාතික දරුවෙකු පැවිදි බිමට - මුස්ලිම් පවුලක එකම පිරිමි දරුවා - ISIS සංවිධානය ඉදිරියට සාමය ගෙනයාම එක අරමුණක්



අප සිදුකරගෙන යනු ලබන ආගමික ජාතික ශාසනික සේවාව වචනයෙන් අගය කරන්නෝ බොහෝ දෙනෙක් සිටි. ඔහුන් අපව දිරිමත් කරයි. එ දිරිමත් කිරීම නිබදව අපේ කැපවීම තව තවත් ධෛරයමත් කිරීමට හේතු වේ. එහි ප්‍රතිපලයක් ලෙස රාජගිරියේ පදිංචි මොහොමඩ් ෂුවේර් ඉසඩ් පියාගේ හා සිත්තා සීමතී ෂුවේර් මෑණියන්ගේ ආදරණීය එකම පුතු මොහොමඩ් ෂමීඩ් ඉසඩ් දරුවා 2017/10/27 දින උදෑසන 6:45 ට රාජගිරියේ චන්දානන්ද නමින් මා ගුරුදේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්  ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් විය.....
 විශේෂයෙන් එ සදහා සහෝදරත්වයෙන් ලෙන්ගතුව අප අසලම සිටින සිංහලේ අපි ජාතික සංවිධානයේ දේශීය විදේශීය තරුණ පිරිසට හා කාන්තා සංවිධානයේ ඔබට මූලිකව කෘතවේදීව පිං අනුමෝදන් කරමි.
එ දිරිහැන්වීම් හා සහයෝගයන් පිළිබදව ඔබට අවංකවම සතුටුවිය හැකි දිනයක් ලෙස අද දවස හැදිනිය හැක. සම්බුද්ධ ශාසනයේ හෙට දවස වෙනුවෙන්  කුල දරුවන් තිදෙනෙක් මගේ ගෞරවනීය ගුරු හාමුදුරුවන්ගේ උපධ්‍යායත්වයෙන්  උතුම් පැවිදි බිමට පත්කිරීමට හැකි විය.
එ අතර එක් සුවිශේෂ දරුවෙක් ද සිටී. ඔහුගේ නම මොහොමඩ් සමීර් ඉෂඩ්. වයස අවුරුදු 14 යි. අද සිට ඔහු රාජගිරියේ චන්දානන්ද නමින් පැවිදි බිමට පත්විය. මේ දරුවා අපට ගෙනවිත් බාර දෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ අප හිතවත් ව්‍යාපාරික මහත්මයෙක්.
 අම්මයි තාත්තයි පුතයි තුන් දෙනා ම මුස්ලිම් ජාතිකයෝ. ඉස්ලාම් භක්තිකයෝ. අප විසින් ඔහුන් ඇසුරු කිරීමට පටන්ගෙන සුළු කාලයක් තුළ බුදු දහම කෙරෙහි අප්‍රමාණව පැහැදීමට පත් උනා. අප ඉතා පැහැදිලිව ඔහුනට අවබෝධ කරවනු ලැබූයේ බෞද්ධ භික්ෂූන් යනු අන්‍ය ආගමිකයන්ට හා ජාතිකයන්ට කරදර හිරිහැර  කරන පිරිසක් නොව අප එසේ ආවේගයෙන් මෙන් හඩ නගා සමාජය ආමන්ත්‍රණය කරන්නේ අන්තවාදී මුස්ලිම් හා ව්‍යාප්තවාදී කතෝලික ආගමික කණ්ඩායම් විසින් සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය මිනිසුන් අතර වෛරය ඇතිකිරීමට ගන්නා ලජ්ජිත උත්සහය හෙළා දැකීමට හා ඔහුන්ගේ ක්‍රියාවන් සමාජය ඉදිරියේ නිරුවත් කිරීමට බවත් ය. අපට අන්‍ය ආගමික ජාතික මිනිසුන් සමග වෛරයක් ඊර්ෂ්‍යාවක් කුහකකමක් නැ. අපට ඇත්තේ සාමකාමී සමාජය අවුල් ජාලයක් බවට පත් කරන අන්තවාදීන්ගේ හා ආගමික ව්‍යාප්තවාදීන්ගේ  ක්‍රියාවන් පිළිබද ගැටලුවක් පමණි.
උතුරේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන් නියගයෙන් පිඩා විදින විට ජල බෝතලය බෙදා දීමට නිර්ණායකය ලෙස ජාතිය හෝ කුලය නොව සැලකිල්ලට ගත්තේ පිපාසයම පමණකි. දකුණට ගංවතුර ගලන විට වියලි ආහර හා සනීපාර්ක්ෂක උපාංග බෙදා දීමෙදී නිර්ණායකය ලෙස ජාතිය ආගම නොසැලකු බවත් සැලකිල්ලට ගත්තේ ජලයෙන් පිඩා විදින මිනිසුන් යන්න පමණක් බවත් කරුණාවෙන් සිහිපත් කරන්නෙමි. සිංහලේ අපි වෙනස් විදියට හිතන මිනිස්සු කොයන්මේ එ නිසයි.
එ බැවින් අප එදා මෙන්ම අද හා හෙට ද අවිහිංසාවාදයෙන් ම අපගේ ආගමික ජාතික ශාසනික කටයුතු සිදු කරන්නෙමි. කතා කළ යුතු තැන නිහඩවන්නෙත්, නිහඩ විය යුතු තැන කතා කරන්නෙත් නැත. සමාජ කතිකාවත් ඉදිරියේ නිහඩව සිටීම අනුමත කිරීමක් ලෙස සලකා නිහඩව නිසොල්මනේ සිටින්නේ  ද නැත.
ඒ අනුව මේ කරුණු කාරනා සාකච්ඡා කිරීම හා කාලයක් තිස්සේ අප සමග පැවැත් වූ ඇසුර හේතුවෙන් බුදු දහම කෙරෙහි පැහැදීමට පත් රාජගිරියේ චන්දානන්ද පොඩි හාමුදුරුවන්ගේ පියාණන් වන මොහොමඩ් ෂුවේර් ඉසෙඩ් හා මැණියන් සිත්තා සීමතී  දෙපළ එකතුව තම කුසින් වැදූ එකම දරුවා සසුනට පූජා කළා. අද එම ඉස්ලාම් දරුවා බුදු සෙවනේ පහස ලබමින් අප යටතේ බුදු දහම හා සිංහල සංකෘතිය ඉගෙන ගනිමින් සිටී. ඔහු අනාගතයේ ජිහාඩ්, අල්කයිඩා , ISIS, රොහින්‍යා ආදී ආගමික අන්තවාදී ත්‍රස්ථ කණ්ඩායම් ඉදිරියට සාමයේ පණිවිඩය ගෙන යනු දැකීම මාගේ එකම ප්‍රාර්ථනය යි. මේ ජීවිතයේ මා කළ  භාග්‍ය වන්ත ම ක්‍රියාවක් ලෙස මෙය සලකා ඔබට ද පින් අනුමෝදන් කරන්නෙමි.

මෙවැනි දරුවන් දහසකයේ නෙත් පැදීමට ඔබත් අප සමග අත්වැල් බැදගන්න

හොර හරක් ලොරියට අක්කයි නංගි හැප්පෙන හැටි දැක්ක පිටිපස්සෙන් ආපු පොලිස් ජීප් එක කරපු කාලකන්නි වැඩේ



පසුගියදා හොර හරක් පටවාගත් ලොරියක් පසුපස පොලිස් ජීප් එකක් පන්නගෙන පැමිණි මොහොතේ ලොරි රථය පාලනය කරගත නොහැකිව කැබ් රථයක්ද හැපී පසුව යතුරුපදියක්ද යටකරමින් පෙරලි ගියා. මෙහිදී යතුරුපැදියේ ගමන් කරමින් සිටි අක්කා නගෝ මියගියා පුවත අසන්නට ලැබුනා.
එම මොහොතේ ලොරිය පසුපස පන්නගෙන පැමිණි පොලිස් ජීප් රථය අනතුර සිදුවක් ආකාරය දැක කරපු නින්දාසහගත වැඩේ මේ වෙනකොට මාධ්‍යට දැනගන්නට ලැබිලා තියනවා. බලන්නකෝ පොලිස් ජීප් එක ඒ වෙලාවේ කරපු දෙකයි පනහේ වැඩේ වැඩි විස්තර සහ අනතුරේ ඡායාරුප සහිත වීඩියෝව මෙන්න


Wednesday, October 25, 2017

“සුළු ජාතීන්ට අසාධාරණයක් වෙලා.. ඔවුන් නොසතුටින් නිසා මූහුණුවල ලේ බිදුවක් පේන්න නෑ” – ජනපති

Image result for maithripala sirisena

ඉතිහාසයේ පටන්ම මෙරට සුළු ජාතීන්ට යම් අඩුපාඩුකම් සිදුව ඇතැයි ඔවුන් පවසන බවත්, එනිසා ඔවුන්ගේ මුහුණුවල පවා ලේ බිදුවක්වත් පෙනේනට නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.
තමන් වහන්සේ ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ පැවසූ බව එහිමියන් සදහන් කළේ “එළිය“ සංවිධානය විසින් කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
සුළු ජාතීන් බොහොම නොසතුටින් සිටිනා නිසා ඔවුන් වෙනුවෙන් යමක් කල යුතු යයිද ජනාධිපතිවරයා සදහන් කර ඇත. කෙසේ වෙතත් සුළු ජාතීන්ගේ මුහුණුවලට ලේ එන්නේ දේශපාලන නායකයින් අතට බලය ලබා දීමෙන් නොවන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.

එජාප මන්ත්‍රී රන්ධීර් රොද්‍රිගු නිධන් කඩන්න ගිහින් මාට්ටු.. වෙඩි හුවමාරුවෙන් එක් අයෙක් මරුට



බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත.
මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල ආසන්නයේදී වන අතර වෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කැඞීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇත. පොලීසිය එම ස්ථානයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මන්ත්‍රීවරයාගේ නිවසේ කළ වැටළීමකදී එහි තිබී ජීව උණ්ඩ 115ක්, වෙඩි නොවදින කබායක්, පිස්තෝල රඳවනයක් සොයාගෙන ඇති අතර මන්ත්‍රීවරයාගේ බිරිද ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රන්දීර් රොද්‍රිගු ඇමති ජෝන් අමරතුංගගේ සමීපතම ඥාතියෙකුද වෙයි.