Friday, September 15, 2017

ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ


ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය ලියූ “ජනාධිපති තාත්තා” කෘතිය් නිකුත් වීමත් සමඟ මහත් ආන්දෝලනයකට පත්ව තිබේ. ඉතා අසීරුවෙන් ජනපති උපදෙස් සමඟ පොත රචනා කලේ ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් බව මේ වනවිටට් හෙලි වී තිබේ.
මෙම පොත ලිවීම සඳහා සුනිල් මාධව ප්‍රේමතිලක හට රුපියල් ලක්ෂ විසි පහක මුදලක් පොරොන්දු වී ඇති අතර, එය මේ වනවිටත් ලබා දී නොමැති බව සඳහන්.
චතුරිකා සිරිසේන අද වෙනතුරු පුවත්පතකට රචනාවක්වත් ලියා නොමැති බව මේ වනවිට හෙලි වී තිබෙන අතර,උසස් පෙල කලා විශයන් හදාරා විශයන් හතරම අසමත් බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කරයි.
උපුටා ගැනීමකි 

2 comments:

  1. ජනාධිපති තාත්තා පොත ගැන ප්‍රචාරණ කටයුතු කරන මහතා වෙතයි.මේ සඳහා ඔබට ලක්ෂ 25ක් ලැබුණාදැයි නොදනිමු. නමුත් ඔබේ ප්‍රචාරණය නිසා සුනිල් මාධව ප්‍රේමතිලකට ලැබුණේ සිත් වේදනාව පමණි.
    ඔහු කුලියට මුදලට ලියූ පත්තරකාරයකු නොවූ බව දන්නෝ දනිති. වසර 5-6ක් තිස්සේ අසනීපයෙන් නිවසේ පසුවන ඔහු එම පොත ලිව්වේ කෙසේ දැයි දැනගැනීමට අපට ද අවශ්‍යයි. හැකි නම් එය ද මේ ආකාරයෙන් ම ප්‍රදර්ශනය කරන ලෙස ද එසේ නොහැකි නම් දැන්වත් ඔහුට පාඩුවේ ජීවත්වීමට ඉඩ දෙන ලෙස ද කාරුණිකව දන්වා සිිටිමු. මනෝරා ප්‍රේමතිලක-නන්ජිත මාධව ප්‍රේමතිලක

    ReplyDelete