Friday, September 15, 2017

සුනිල් පෙරේරා බලෙන් බදු ගෙවයි


මෙරට ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා පසුගිය ජනවාරි මාසයේදී ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් තමන්ගේ සමස්ත ආදායම පෙන්වා බදු ගෙවීමට අවශ්‍ය බවට කොමසාරිස්වරයාට දන්වා ඇතැයි වාර්තාවේ.
තම සංගීත කණ්ඩායම උපයන ආදායම වෙනුවෙන් ඒ වනවිටත් ආදායම් බදු ගෙවමින් සිටි සුනිල් පෙරේරා මහතා ඊට අමතරව 2014 වසරේ සිට තවත් මාර්ග කිහිපයකින් තමන් ආදායම් උපයන බැවින් ඒ සඳහා ආදායම් බදු ගෙවීමට අවශ්‍ය බව පවසමින් ඔහු ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා මුණගැසී තම ලිපි ලේඛන ඉදිරිපත් කර ඇත.
ඉන් පසු සුනිල් පෙරේරා මහතා ඉදිරිපත් කළ ලේඛන අනුව ඔහුට ආදායම් බදු මුදලය අමතරව දඩයක්ද නියස කර තිබේ.
ඒ 2014 සහ 2015 වසර වෙනුවෙන් ලක්ෂ 65ක මුදලකි.
කෙසේ නමුත් එම ලක්ෂ 65ක මුදල තමන්ට එකවර ගෙවීමට අපහසු බව සඳහන් කරමින් වාරික ලෙස ගෙවීමට කළ ඉල්ලීමක් සළකා බලා ඔහුට මාස 12ක් තුළ අදාළ දඩ මුදල ගෙවීමට සහනයක් ලබා දී ඇත.
එතැන්සිට මේ දක්වා මාස 09ක කායලක් පුරා ඔහු එක් මාසයකට රුපියල් ලක්ෂ 05 බැගින් ඩද මුදලක්ද තමන්ට හිමි ආදායම් බදු මුදලද ගෙවමින් සිටින බව වාර්තා වේ.
සුනිල් පෙරේරා මහතාගේ පියාගේ කාලයේ සිට ඔවුන් ආදායම් බදු ගෙවා ඇති අතර සුනිල් පෙරේරා මහතා අදාදායම් බදු ගෙවීම ආරම්භ කර ඇත්තේ ජිප්සීස් සංගීත කණ්ඩායම ආරම්භ කළ පසුවය.
සුනිල් පෙරේරා මහතාට ජිප්සීස් සංගීත කණ්ඩායමට අමතරව ලැබෙන ආදායම් පිළිබඳව ඔහු විසින්ම සිය අනාවරණය කරණ තුරු ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව දැන නොසිටිබවද වාර්තාවේ.

No comments:

Post a Comment