Monday, September 18, 2017

නැවතත් ඒ වැරැද්ද මන් අතින් සිදු වෙන්නෙ නැහැ - සිදුවූ දේ ගැන ඔෂානි සංදීපා කතා කරයි


ඔශනී සංදීප ගායිකාව ගැන ඩිලාන් ගමගේ සහ අශාන් ප්‍රනාන්දු පහුගියදා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුන ඔබ දකින්නට ඇති. ඔෂානි ට මුල මතක නෑ කියල තමයි ඔවුන් කිව්වේ. කෙසේ නමුත් අද ඔෂානි ඒ පිලිබදව අදහස් පල කරලා තිබුනේ අයගේ ෆේස්බුක් පිටුව ඔස්සේ. එම අදහසස පහතින්....


පහු ගිය දවසක දකින්න ලැබුනා ඩිලාන් අයියත් අශාන් අයියත් කණගාටුව පල කරල තියනව ඇපල් වත්ත පුවත්පතට මන් ඒ දෙපලගේ නම ප්‍රකාශ නොකර මියුසික් කරපු අයියයී ගීතය ලියපු අයියයී ලෙස සදහන් කර තිබීම පිලිබඳව.
ඇත්තටම ඒ පිලිබඳව කතා කලොත් මන් ඒ අවස්ථාව තුල ප්‍රකාශ කරපු දේවල් පිලිබඳ ලොකු සැලකිල්ලක් නොතිබුණු නිසා ඒ වැරැද්ද මන් අතින් සිදු වෙන්න ඇති. නිහතමානීව කියනව නැවතත් ඒ වැරැද්ද මන් අතින් සිදු වෙන්නෙ නැහැ කියල.
ඩිලාන් ගමගේ අයියටත් අශාන් ෆර්නෑන්ඩෝ අයියටත් හැමදාමත් ගරු කරනවා. අද මන් මේ ඉන්න තැනට එන්න මට ඒ දෙන්න ගොඩක් උදවු කරල තියනව.
මන් අද ඉන්න තැනට හේතුව මගේ රටේ මගේ ආදරනීය සහෝදර සහෝදරියන් හා දෙමව්පිය වැඩිහිටියන්...මම ඒ හැම කෙනෙක්ටම ගොඩක් ගොඩාක් ආදරෙයී.. ඒ අය තමා හැමදාමත් මගේ ශක්තිය වුනේ. මාව ඉහළට ගෙනාපු කිසි කෙනෙක්ව මන් කවදාවත් අමතක කරන්නෙ නෑ. ඒ අයත් එක්ක මන් හැමදාමත් ඉන්නව.
ඩිලාන් අයියයී අශාන් අයියයී ගැන මම බොහෝ අවස්ථාවල අගේ කරමින් කතා කරල තියනවා. මේ ඒ අවස්ථාවලින් කීපයක්...







No comments:

Post a Comment