Saturday, September 30, 2017

වැඩකට නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න මට කාලයක් නෑ - රවීගේ ප්‍රශ්නයට මහබැංකු අධිපති උත්තර දෙයි


‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප‍්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැතැ’’ යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ මහ බැංකු ශ‍්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මහ බැංකු අධිපතිවරයා එසේ පැවසුවේ, එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී මාධ්‍යවේදියා මහ බැංකු අධිපතිවරයාගෙන්විමසා සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටින අදක්ෂ හොරුන් නිසා උද්ධමනය ඉහළ යන බවට රවි කරුණානායක මන්ත‍්‍රීවරයා ඉකුත් දා කළ චෝදනාව පිළිගන්නේ ද යන්නය. එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ කීය.
ඔය වගේ වැඩකට නැති ප‍්‍රකාශවලට පිළිතුරු දෙන්න මම කාලය නාස්ති කරන්නේ නැහැ. මහ බැංකුවට හොඳ විශිෂ්ඨ කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම, අවබෝධය, තාක්ෂණික ඥානය ඉතාම ඉහළයි. කිසි ප‍්‍රශ්නයක් නැහැ. කළ යුත්තේ කුමක්ද කියා අපේ නිලධාරීන් හොඳින් දන්නවා. මුදල් අමාත්‍යාංශය වැට් බදු සංශෝධනය කළා. වැට් බද්ද ඉහළ යාම නිසා උද්ධමනයත් වැඩිවුණා. මුදල් අමාත්‍යාංශය තමයි වැට් බදු ඉහළ නැංවූයේ. එය මහ බැංකු තීරණයක් නොවේ යැයි ද අධිපතිවරයා කීය
(රංජන් කස්තුරි)

No comments:

Post a Comment