Thursday, October 5, 2017

ශිෂ්‍යත්වය අසමත් කුඩා දරුවෙක් සියදිවි නසා ගෙන.. මව්පියන්ගේ පීඩනය දරා ගන්න බැරිවෙලා.. හැමදාම පන්තියේ පළවෙනියා ගුරුතුමිය කියයි..

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල නිකුත් වීමත් සමඟ නුවරඑළිය ප්‍රදේශයෙන් ඉතා කණගාටුදායක පුවතක් දැන ගැනීමට ලැබුනා..
නුවරඑළිය ප්‍රදේශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි චානක රුවන් පෙරේරා නමැති දරුවාට ශිෂ්‍යත්වය සමත්වීමට නොහැකි වූ නිසා වැඩිහිටියන් ඇති කල පීඩනය දරා ගැනීමට නොහැකිව ඔවුන්ගෙ නිවස පහල ඇති ලිඳට පැන සිය දිවි නසා ගෙන තිබෙනවා..
මෙම දරුවාගේ පාසලේ ගුරුවරිය පවසන්නෙ චානක හැමදාම පංතියේ පළවෙනියා වන බවත් ඔහු ගැන හැමෝම බලාපොරොත්තු තබා ගෙන සිටි බවත්ය.
චානකගේ අක්කා පවසා සිටියේ මෙම සිදු වීම ඔහුන්ට අදහාගත නොහැකි බවයි..
අසල්වාසීන් පැවසුවේ මෙම දරුවාට සතියේ සෑම දිනකම වගේ අමතර පංති තිබූ බවත් සෙල්ලම් කිරීමටවත් කාලය නොතිබුණු බවයි...
මෙම සිදුවීමත් සමඟ අප සැමට සිතීමට දෙයක් ඉතුරු විය එනම් අවුරුදු දහයක් වැනි කුඩා දරුවන්ට මෙතරම් පීඩනයක් ඇති වන විභාගයක් පැවැත්වීම සුදුසුද යන්නයි..

No comments:

Post a Comment