Sunday, October 1, 2017

සංක්‍රමණිකයන්ට අධ්‍යාපනය හා ආහාරපාන ලබා දීම රජයක වගකීමක් - ප්‍රතිභා මහනමහෙවා කියයි

සංක‍්‍රමණික සරණාගතයන් සඳහා ආහාරපාන සේම අධ්‍යාපනය ලැබීමේ අයිතියද හිමිවන බව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා පවසනවා.
එක්සත් ජාතීන්ගේ සරණාගත මහකොමසාරිස් කාර්යාලය සමග සම්මුතියකට එළැඹී ඇත්නම් විදෙස් සරණාගතයින්ගේ ළමුන්ට මෙරට අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇතැයි ඔහු කියාසිටියේ.
එහිදී "සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව ඒ අයට ආහාර, සෞඛ්‍ය, දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය තියෙනවා. සීමාවෙන කොන්දේසිත් තියෙනවා. නිදහසේ ගමන් කිරීමේ අයිතිය, ඡන්දය භාවිතා කිරීමේ අයිතිය වගේ දේවල් ඒ අයට නැහැ. අධ්‍යාපන අයිතිය ලබා ගැනීම සඳහා ඔවුන්ට කිසිඳු සුදුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අදාළ කඳවුර තුළදීම ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක්." යනුවෙන්ද සඳහන් කළා.
සරණාගතයින් පිළිබද කි‍්‍රයාත්මක වීමේදී මෙරට විදේශ ප‍්‍රතිපත්තිය ද  සැළකිල්ලට ගත යුතු බවයි ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් කියාසිටියේ.
රෝහින්ග්‍යා සරණාගත ළමුන් මෙරට පාසල්වලට ඇතුළත් කර ඇති බවට ඇතැම් පාර්ශ්ව ඉකුත්දා කළ චෝදනාව පිළිබද අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

මේ පිළිබද කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියාසිටියේ මෙරට රජයේ පාසල් තුළ විදෙස් සරණාගත දරුවන් කිසිවකු දැනට අධ්‍යාපනය නොලබන බවයි.

No comments:

Post a Comment