Thursday, October 12, 2017

මෛත්‍රී චන්දෙ ඉල්ලු හංසයා සභාපති මෙරට අයෙක් නොවෙයි.. ජනාධිපතිකමටත් අභියෝගයක්..

හංසයා ලකුණ පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බවත් ඔහුගේ ශ්‍රී ලංකාවේ විසා තව නොබෝ දිනයකින් නිමවන බවත් ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කිරිමට යාමේදි මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිදරව් වි ඇත.
රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද යන්නත් එසේ පත්කලේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතු කරුණකි.
එහෙත් ඊටත් වඩා වැදගත් වනුයේ මෙවෙනි වංචාකාර පුද්ගලයකු කෙසේ ද ශ්‍රීලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයෙකු බිහිකළ පක්ෂයක නායකයකු ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පිලිගත්තේද යන වගයි.
එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කල ශ්‍රීලංකාවේ පුරවැසියන්ට පමණක් හිමි හැදුනුම්පත සහ එහි අංකයන් කෙසේ මෙවෙනි විදේශීය පුරවැසියකු ලබා ගත්තේ ද යන්න ත් සොයා බැලිය යුතු තවත් කරුණකි.
එහෙත් ආරංචි මාර්ගයන් සඳහන් කරනුයේ ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට ලබාගත් කෝටි ගනන් මුදල් මෙන්ම වෙනත් අනියම් මාර්ගවලින් ලැබුනු විශාල මුදල් ප්‍රමාණයක් මොහුගේ ගිනුම් වල තිබෙන බවත් මෙවා නිසියාකාරව හෙලිදරව් වූවොත් මෙරටේ ප්‍රභූවරුන් කිහිප දෙනෙකුගේ නම් හා වෙනත් සංවිධානයන්වල සම්බන්ධතා ඒ මහාපරිමාන මූල්‍ය වංචා සමඟ හෙලිවීමට හැකියාවක් ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක මහතා පවසන්නේ මෙරට පුරවැසි භාවය නැති පක්‍ෂයක සභාපතීත්වය යටතේ ඇති හංසයා පක්ෂය මෙරට නීත්‍යානුකුළද නැද්ද එම පක්‍ෂය යටතේ මැතිවණවලට තරග කිරීම නීත්‍යානුකූලව පිලිගත හැකිදැයි ප‍්‍රශ්න ඇති බවයි.

 අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක මහතා පවසන්නේ මෙරට පුරවැසි භාවය නැති පක්‍ෂයක සභාපතීත්වය යටතේ ඇති හංසයා පක්ෂය මෙරට නීත්‍යානුකුළද නැද්ද එම පක්‍ෂය යටතේ මැතිවණවලට තරග කිරීම නීත්‍යානුකූලව පිලිගත හැකිදැයි ප‍්‍රශ්න ඇති බවයි.

No comments:

Post a Comment