Wednesday, October 25, 2017

ත්‍රිරෝද රථය වෙනුවට බජාජ් එකෙන් එන අලුත්ම භාණ්ඩේ මෙන්න


Image result for bajaj qute
ඉන්දියාවේ නිශ්පාදිත ත්‍රීරෝද රථ  ශ්‍රී ලංකාවට   ආනනය සීමා කිරීමට අවධානය යොමුව තිබීම නිසාImage result for bajaj qute ඉන්දියාවේ නිශ්පාදිත ත්‍රීරෝද රථ  ශ්‍රී ලංකාවට   ආනනය සීමා කිරීමට අවධානය යොමුව තිබීම නිසා  ඉන්දීය ත්‍රී රෝද රථ කර්මාන්තයට විශාල පහරක් එල්ල වනු ඇති බව ඉන්දීය මාධ්‍ය  පවසනවා


පසුගිය දා පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා කළ ප්‍රකාශයකට අනුවයි ඔවුන් මෙම පුවත පළ කර ඇත්තේ.
කෙසේ වෙතත් ත්‍රීරෝද රථ වෙනුවට විකල්පයක් ලෙස ඉදිරිපත් කරන  බජාජ් qute ශ්‍රී ලංකා වෙළඳපොළට ගැලපෙනු ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

මෙම රථය  මෝටර් රථයක් වශයෙන් නොව ත්‍රී රෝද රථවලට ආදේශයක් ලෙස ආනයනය කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
එන්ජිම් ධාරිතාව 216.6 CC වන  Qute රථයේ දිග 2752 mm ක් වන අතර පළල 1312 mm ක් වනවා.
මෙහි  උස 1652 mm ක් වන අතර සිව් දෙනෙකුට සුවපහසුව ගමන් කළ හැකියි.
මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක කටයුතු කළ කාලයේදී ද මෙම රථය ගෙන්වීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වුණා.

No comments:

Post a Comment