Sunday, October 1, 2017

දරුවන්ට මහල්ලන්ට සියල්ලන්ටම ලේ එන තුරු පොලිසියෙන් පහර දෙයි මානව හිමිකම් සංවිධාන බුදිද? මහා දවල් පොලිසියෙන් මහජනතාවට පහර දෙයි



පින්තුර ඇතුළු සියලු දේ දැනගැනීමට එන්න.. පින්තුරය click කරන්න..
????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????




ස්පාඤ්ඤයේ පිහිටි කැටලෝනියා පළාත තුළ වෙනම පාලනයක් ඉල්ලා පැවැත්වෙන ජනමත විචාරණය ඊයේ ආරම්භ වූ අතර එය කඩාකප්පල් කිරීමට ස්පාඥ්ඥ මධ්‍යම රජයේ නියමයෙන් එරට පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබදව ආන්දෝලනයට තුඩු දී තිබේ.
කැටලෝනියාව ස්පාඤ්ඤයේ පිහිටි වඩාත් සමෘද්ධිමත් පළාතක් ලෙස සැලකෙන අතර, එරට ආර්ථිකයෙන් 20%කට හිමිකම් කියන්නේ කැටලෝනියාවයි. අතීතයේ කැටලෝනියාව වෙනම ‍රාජ්‍යයක් ලෙස පැවති නමුත් ස්පාඥ්ඥ හා ප්‍රංශ අධිරාජ්‍යයන් වලට යටත්වද සිට තිබේ. අවසානයේ ස්පාඥ්ඥයේ පාලනයට නතුවු කැටලෝනියාව ස්පාඥ්ඥයේ පළාතක් ලෙස පාලනය වුනි.
1978 ස්පාඤ්ඤ ව්‍යවස්ථාවෙන් කැටලෝනියාව වෙනම  පාලනයක් ඉල්ලූ සංකල්පය ප්‍රතික්ෂේප කළ නමුත් පළාත් වලට බලය බෙදීම සිදු කරන ලදි.  අලුයට ගිනි පුපුරු මෙන්ම පැවති මෙම අර්බුදයේ උච්චතම අවස්ථාවක් ලෙස මෙම ජනමත විචාරණය සංවිධානය කෙරිණි. ඒ කැටලෝනියා පළාත් රජය මඟිනි. මෙම ජනමත විචාරණය වෙනුවෙන් දැවැන්ත ජන සහභාගීත්වයක් පැවතියත්, ජනමත විචාරණය කඩාකප්පල් කිරීම සඳහා ස්පාඤ්ඤ රජය දැඩි හමුදාමය ක්‍රියාමාර්ග ගෙන තිබුනි.
එරට රජය පවසන්නේ මෙය නීතිවිරෝධී ජනමත විචාරණයක් බවයි. ඒ අනුව, ජනමත විමසුමට ඡන්දය භාවිතා කිරීමට ගිය ජනතාවට වයස් භේදයක් නොතකා පහර දී දැඩි ලෙස මර්ධනය කිරීමට ස්පාඥ්ඥ පොලීසිය කටයුතු කළ අයුරු දක්නට ලැබුනි..
නමුත් පොලිසීයේ මර්ධනය නැවැත්වීමට කැටලෝනියානු ජනතාව ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාවට පසුගිය සිකුරාදා දිනයේ සිට ඒ ආශ්‍රිතව කඳවුරු බැඳගෙන සිටි බවද විදෙස් වර්තා පවසයි.
කැටලෝනියා පළාතේ අගනුවර බාසිලෝනා නගරය වන අතර , බාසිලෝනා නගරය නියෝජනය කරන , කැටලෝනියානු නිදහස් අරගලය වෙනුවෙන්ම නිර්මාණය කෙරුනු ලොව බලවත්ම පාපන්දු ක්‍රීඩා සමාජය ලෙස සැලකෙන බාසිලෝනා කණ්ඩායමේ තරගයක්ද ඊයේ දින පැවැත්වුනා. ඒ බාසිලෝනා ක්‍රීඩා සමාජ ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා පිටියේ ගේට්ටු වසා , රසිකයන් නොමැතිවයි. කෙසේ වෙතත් "ක්‍රීඩා සමාජයකට වඩා යමක්" තේමා පාඨය සහිත කැටලෝනියා නිදහස් අරගලයට ක්‍රීඩා ක්ෂේත්‍රයේ පණ පොවන බාසිලෝනා ක්‍රීඩා සමාජය , සිය ජනතාව පොලීසිය මගින් මර්ධනය වන විට ක්‍රීඩා කිරීමට , බාසිලෝනා කණ්ඩායමේ කැටලෝනියානු ක්‍රීඩකයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ බව සදහන්. ක්‍රීඩා සමාජයේ ක්‍රිඩකයන් තරගයෙන් අනතුරුව කදුලු පිරි දෙනෙතින් සිටින අ‍යුරුද දැක ගත හැකි වුනා.
කෙසේ වෙතත් කැටලෝනියා පළාතේ සිදුවන මෙම දැඩි මර්ධනය ජනතාවගේ අදහස් දැක්වීමේ අයිතිය රජය විසින් උදුරා ගැනීමක් බව ජාත්‍යන්තර විස්තර විචාරකයන් අදහස් දක්වා තිබූ අතර මේ වන තෙක් කිසිදු මානව හිමිකම් සංවිධානයක් ස්පාඥ්ඥයේ සිදුවන කැටලෝනියා ජන සංහාරය විවේචනය කර නොතිබීමද විශේෂත්වයකි.

No comments:

Post a Comment