Thursday, October 5, 2017

රවී හා අගමැති තවත් හිරවෙයි.. තමාගේ ජිවිත කාලය තුලදී ඇමතිවරයෙකු ලන්සු තිබ්බේ පලවෙනි වතාවටයි.. තම මේ ගැන පුදුම වුණා.. මහා බැංකු සාමාන්‍යධිකාරී කියයි..

"වසර 30 තම බැංකු ජීවිතයේ ඇමතිවරයා මැදිහත් වී ලංසූ කීවේ ඉතිහාසයෙන් පළමු වරටයි"
"වසර 9ක් තරම් කාලයක් ඕස්ට්‍රේලියාවේද සේවය කොට ඇති තමා මෙම ක්‍රියාපටිපාටිය ගැන මවිතයට පත්වූ බවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන පී. සමරසිරි මහතාද එම කටයුත්තට සහාය වීම ගැනද තමාට පුදුම හිතුණා".
"රවී කරුණානායක කැඳ වූ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා ද සහභාගි වුණා"
රවී කරුණානායක කැඳ වූ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා සහ මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතාද සහභාගිව සිටි බවද, මහ බැංකුව වෙනුවෙන් නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතාද රැස්වීම් දෙකටම සහභාගි වූ බවද සාක්ෂිකරුවන් විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කරන ලදී.ඇමැති රවි කරුණානායක විසින් ලබා දෙන ලද සීමාවන් යටතේ තම බැංකුවලින් අඩු ලංසු ඉදිරිපත් කරනු ලැබූ බවත් එහෙත් ඊට තරමක් වැඩි ලංසුවක් ඉදිරිපත් කළ අර්ජුන් ඇලෝසියස් හිමිකාරිත්වය දරන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එකී වෙන්දේසි දෙකේදීම සාර්ථකත්වයට පත්වෙමින් අති විශාල ලාභයක් උපයා ගන්නා ලද බවත් සාක්ෂිකරුවෝ වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියහ.
කොමිසම හමුවේ ඊයේ ප්‍රථම සාක්ෂිය ලබාදුන් මහ බැංකුවේ මහ කළමනාකරු (සාමාන්‍යාධිකාරි) එන්.වසන්ත කුමාර් මහතා කියා සිටියේ තමාගේ වසර 30කට අධික බැංකු සේවා ඉතිහාසය තුළවත් ඉන් පිටස්තරවත් කිසිම දිනක මුදල් ඇමැතිවරයකු මේ ආකාරයෙන් බැඳුම්කර වෙන්දේසියකදී මෙවැනි බලපෑම් සිදුකරමින් වෙනත් පාර්ශ්වයකට අනියම් වාසි ලබාදීමක් හෝ රාජ්‍ය බැංකුවලට ලබාගත හැකිව තිබූ රුපියල් කෝටි ගණනක ලාභ අහිමි කරන ලද අවස්ථාවක් ගැන අසන්නටවත් ලැබී නොමැති බවය.මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමා බැංකුකරුවකු නොවන නිසා තාක්ෂණිකව ගණන් හිලව් පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි වුවත් මෙම ක්‍රියාව තුළින් රාජ්‍ය බැංකුවලට සිදුකරන ලද හානියේ බරපතළකම ගැන ඕනෑම අයකුට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි බවත්ය.
මෙම කටයුත්තේදී මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වූ පී. සමරසිරි මහතාද මැදිහත් වී කටයුතු කළ බවත් සාක්ෂිකරුවන් විසින් කොමිසම හමුවේ ප්‍රකාශ කළ අතර එක් සාක්ෂිකරුවකු කියා සිටියේ තමාට මෙම ඇමැති කාර්යාලයේ රැස්වීමට පැමිණෙන ලෙස දන්වා සිටියේ පවා ඔහු විසින්ම බවත්ය.ඔහු එසේ කියා සිටියේ සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා නඟන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වසර 9ක් තරම් කාලයක් ඕස්ට්‍රේලියාවේද සේවය කොට ඇති තමා මෙම ක්‍රියාපටිපාටිය ගැන මවිතයට පත්වූ බවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන පී. සමරසිරි මහතාද එම කටයුත්තට සහාය වීම ගැනද තමාට පුදුම හිතුණු බවය.
උපුටා ගැනීම 'මව්බිම' පුවත්පත... 

No comments:

Post a Comment