Thursday, October 5, 2017

දුෂණ විරෝධී වසන්ත ගේ හොර අතේ මාට්ටු.. මෙන්න ඇත්ත විස්තරේ.. බලධාරීන්ගේත් ඇස් උඩයයි.. තමන් කරපු පැමනිල්ලට තමන්ම අසුවෙලා..

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් ගහපු ඩබල් ගේමක් අද දිනයේ අතේ පත්තු වී තිබේ. ඒ ඔහු විසින්ම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.
නාමල්‍ රාජපක්ෂ මහතා තම කාර්‍යාලය පවත්වමින් තිබූ කොළඹ 5 ගවර්ස් පෙදෙසේ අංක 7 දරණ ඉඩම සහ ගොඩනැගිල්ල නාමල් රාජපක්ෂ මහතා සතු ඉඩමක් බව පවසමින් ඒ පිළිබඳව විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා, වසන්ත සමරසිංහ මහතා විසින් පැමිණිලි කර ඇත. මේ පිළිබඳව කල පොලිස් පැමිණිලි වලින් එම චෝදනා වසන්ත සමරසිංහටම ආපසු එල්ලවන තත්ත්වයට පැමිණීම නිසා ඊයේ දිනයේදී එම විමර්ෂණය ඉහල නියෝග වලින් නවතන්නට කටයුතු කර ඇත.
එම ගොඩනැගිල්ලේ වත්මන් හිමිකරු ගේ කට උත්තරයේ වසන්ත සමරසිංහගේම නම සඳහන් වීම නිසා බලධාරීන් ගේ ඇස් උඩ ඉන්ද වී තිබේ. නිමල් පෙරේරා පවසා ඇත්තේ, මෙම ඉඩම හා ගොඩනැගිල්ල තමන් භූතානි නම් අයෙකුගෙන් මිලියන 800කට මිලට ගත් බවත්, ඒ සදහා සම්භන්ධීකරණ කටයුතු කලේ මෙම පැමිණිල්ල දැමූ වසන්ත සමරසිංහම බවත්‍ ය.
වැඩි දුරටත් නිමල් පෙරේරා මහතා පවසා සිටින්නේ, මේ සම්භන්ධීකරණ කටයුතු කිරීම නිසා බ්‍රෝකර් ගාස්තු ලෙස භූතානි අඩු කල මුදල වන මිලියන විසි හතරක මුදල තමන් විසින්ම වසන්ත සමරසිංහට ලබා දුන් බවයි. ඒ වගේම භූතානි සතුව තිබූ තවත් ඉඩම් හතරක් විකිණීම වසන්ත සමරසිංහගේ සම්භන්ධීකරණයෙන් විකුණූ බව තමන් හොදාකාරයෙන්ම දන්නා නමුත් එහි බ්‍රෝකර් ගාස්තු පිළිබඳව තමන් නොදන්නා බවද පැවසීය.
නාමල් රාජපක්ෂ තම ගොඩනැගිල්ල සිය කාර්‍යාලය ලෙස භාවිතා කල බවත්, නියමිත කාලය අවසානයේ ඔහු එයින් ඉවත් වී ගොස් ඇති බවත් නිමල් පෙරේරා විසින් පොලීසියට වැඩි දුරටත් දන්වා ඇත. ඒ අනුව සුදු රෙදි පෙන්වමින් අනුන්ව බොරු පැටලවිලි වල හිර කරන්නට ගත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගේ රෙදි සියල්ල ලිහී නිරුවත් වී සිටින බව අප ඔබට ඉතා වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු.

No comments:

Post a Comment