Monday, September 18, 2017

සබරගමු-උතුරුමැද පළාත් මහින්ද දිනන බව ඒකාන්තයි - මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පුළුවන් උපරිමය කරයි


පැවත්වීමට නියමිතව තිබු සබරගමු, උතුරු මැද සහ නැගෙනහිර පලාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දැමීමට ගෙනා “දිවයිනේ සියලුම පලාත් සභාවම මැතිවරණය එක දිනයකදි පැවත්වීමේ” 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කල පොදු විපක්ෂය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින සංවිධාන රාශියක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී විරෝධතා පෙත්සමක් ගොනුකර එහි තීන්දුව මේ වනවිට පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යවා ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එම පෙත්සම අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව, දිවයිනේ සියලුම පලාත් සභාවම මැතිවරණය එක දිනයකදි පැවත්වීමේ ආණ්ඩුවේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ජනමත විචාරනයක් හරහා ජනතාවගේ එකඟතාව ලබා ගැනිමට සිදුවන බවයි.

මේ නිසා කලබලයට පත් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් දෙක තවත් ව්‍යවස්ථා පටලැවිල්ලක් කොට කෙසේ හෝ මෙම පලාත් සභා මැතිවරණය කල් දැමීමට විශාල උත්සහයක යෙදෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයට ප්‍රධාන හේතුව ඊයේ වනවිට ආණ්ඩුව වෙත ලැබි ඇති තොරතුරු අනුව පසුගිය වසර දෙකහාමරේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන බහුතර ජනතාව ආණ්ඩුව කරවන ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහිම විශාල කලකිරීමකින් සිටින බැවත් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු විපක්ෂය කෙරෙහි ජනතාවගේ අඩු වී තිබු විශ්වාසය නැවත ඔහුන් විසින් දීනාගෙන සිටීමත් ය.

මේ අනුව මෙම පලාත් සභා 3 න් විශේෂයෙන්ම උතුරු මැද පලාත් සභාව ආණ්ඩුවට තීරණාත්මක වනුයේ ආණ්ඩුව කරවන පක්ෂ දෙකම පරාජය කොට මහින්ද රාජපක්ෂ පෙරමුණ ජයග්‍රහණය කිරීම වර්තමාන ශ්‍රිලනිප සභාපති හා ලේකම් දෙදෙනාම සිටින දිස්ත්‍රික් තම නායකත්වයෙන් ගිලිහි යෑම මෙන්ම ඉදිරියේදී ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අර්බුදය ඒ හරහා හටගන්නා බැවිනි.

මේ තත්ත්වය මනාව ආණ්ඩුව කරවන දෙපාර්ශ්වයම තේරුම් කරගෙන සිටින බැවින් කෙසේ හෝ ආණ්ඩුව මෙම පලාත් සභා පැරදුනොත් ආණ්ඩුව පවත්වාගෙන යන ශ්‍රිලනිප මන්ත්‍රීවරු තව දුරටත් මැති ඇමතිකම් හරහා ආණ්ඩුව තුල රදවා ගැනීමට නොහැකි බව වටහාගෙන මොනයම් හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී උප්පරවැට්ටියක් යොදා ඔක්තෝබර් 2 වෙනිදා මැතිවරණ කොමසාරිස් විසින් නිකුත් කිරීමට නියමිත මැතිවරණය පැවත්වීමේ දින ප්‍රකාශ කිරිමේ ගැසට් පත්‍රය නිකුත්කිරීම වැලැක්වීමට උත්සහ ගන්නා බැව් එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

උපුටා ගැනීමකි 

No comments:

Post a Comment