Thursday, September 28, 2017

අනාගත නොබෙල් ත්‍යාගය ජනපතිටද?

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නමද මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුස්සන්ගේ නාමලේඛනයට ඇතුළත් කර ඇත.
නෝර්වේ පිහිටි ඔස්ලෝ සාම පර්යේෂණ ආයතනය මේ නාම ලේඛනය සකස් කර තිබේ.සිවිල් යුද්ධයේ තුවාල සුව කිරීම සඳහා වන පුළුල් සංහිඳියාවක් වෙනුවෙන් ජනාධිපති පියවර ගෙන ඇති බව එම ආයතනයේ වෙබ් අඩවිය පෙන්වා දෙයි.
හවුල්කාරී සංහිඳියාවක් වෙනුවෙන් වන ඔහුගේ කැපවීම අනාගතයට ආදර්ශයක් වනු ඇති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔහු ගෙන ඇති පියවරද එහි ඇගැයීමට ලක්ව තිබේ.
2002 වසරේ සිට එම ආයතනයේ අධ්‍යක්ෂවරු- තම පෞද්ගලික ඇගැයීමට අනුව සකස් කළ නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කරති.
මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුස්සන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින අනෙක් පුද්ගලයන් හා සංවිධාන වන්නේ වයිට් හෙල්මට්ස්, රිඩ් අල් සලේහ්, ඇමෙරිකානු සිවිල් ලිබර්ටිස් යුනියන්, සුසන් එන් හර්මන් ජීන්, නැකටෙක් බැන්යෙර්, ජිනේට් කහින්ඩෝ බින්දු සහ ආචාර්ය ඩෙනිස් මුක්වේග් ය.

No comments:

Post a Comment