Friday, September 29, 2017

විජයකලා අත්අඩංගුවට ගන්න යාපනය පුරා හර්තාල්

යාපනය විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියමවූ ස්‌වීස්‌ කුමාර නමැත්තා සැකකරුවකුව සිටියදී පොලිස්‌ අත්අඩංගුවෙන් මිදී පලා යැමට ළමා සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය උපකාර කළ බව
කියමින් ඇයට විරුද්ධව පෝස්‌ටර් තොගයක්‌ යාපනය හා ඒ අවට ප්‍රදේශපුරා ඊයේ (29 වැනිදා) අලවා තිබී ඇත.
විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීමෙන් පසු ස්‌වීස්‌ කුමාර නමැත්තා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන පොලිසියට භාරදුන් අවස්‌ථාව් ඔහුට පලා යැමට මහේෂ්වරන් මහත්මිය උදව් උපකාර කළ බවට චෝදනාවක්‌ එල්ලවී තිබිණි.මහේෂ්වරන් මහත්මියට විරුද්ධව මුද්‍රණය කළ මෙම පෝස්‌ටර් කයිට්‌ස්‌, යාපනය ඇතුළු ප්‍රදේශ කීපයක අලවා තිබූ බව පොලිසිය කියා සිටියේය.ස්‌වීස්‌ කුමාර් නමැත්තාට පලා යැමට උදව් කළ බවට චෝදනා එල්ලවී තිබූ මහේෂ්වරන් මහත්මියගෙන් මීට ඉහතදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබිණි.
මේ සම්බන්ධයෙන් විමසීමකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කියා සිටියේ විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පවත්වාගෙන යන බවත් එය තවමත් නිමවී නැති බවත්ය.පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබුණේ විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් ස්‌වීස්‌ කුමාර අල්ලාගත් අවස්‌ථාවේ විජයකලා මහේෂ්වරන් මහත්මිය එහි පැමිණි බවයි.එහිදී මහේෂ්වරන් මහත්මිය ප්‍රදේශවාසීන්ට පවසා තිබුණේ ස්‌වීස්‌ කුමාරට පහරදී ඔහු මරාදැමුවොත් මේ අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකි වන බවයි.
මෙම සැකකරුට පහරදී මරා දැමීමට කටයුතු නොකර ඔහු පොලිසියට භාරදීමට කටයුතු කරන ලෙස ද මහේෂ්වරන් මහත්මිය ප්‍රදේශවාසීන්ට පැවසූ බවද විමර්ශන වලින් හෙළිවිය.මේ සම්බන්ධයෙන් මහේෂ්වරන් මහත්මිය ඒ අවස්‌ථාවේ කයිට්‌ස්‌ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට කථාකර සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද උපදෙස්‌ දුන් බව විමර්ශනවලදී හෙළිදරව් වී තිබිණි.ඇමැතිනිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගතයුතු බවට බලකරමින් අද 30 දා යාපනයේ හර්තාල් ව්‍යාපාරයක්‌ පැවැත්වෙන බව එම පෝස්‌ටර්වල සඳහන්ව තිබුණි.
(දිවයින ඇසුරින්, ජයරුපය වන්නි රොමේෂ් )

Arested wijayakala maheshwaran

No comments:

Post a Comment