Monday, September 18, 2017

විදුලි වර්ජනය පිටුපස ඉන්නේ ඇමතිවරු දෙදෙනාද?


විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හා නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි.පෙරේරා මහතා එක්ව විදුලි වෘර්තිය සමිති වලට වෙන වෙනම කථාකරමින් පවසා ඇත්තේ කෙසේ හෝ මේ සතියෙත් වර්ජනය පවත්වාගෙන යන ලෙසයි.
හමුදාව යොදා තත්වය පාලනය කිරීමට සුදානම් බව මාධ්‍ය වෙත කිව්වද මෙතෙක් එවැනි සුදානම නොමැති බව ආරංචි මාර්ග සදහන් කරයි.
ඇමතිවරු දෙදෙනා වක්‍රව වර්ජනය දිගින් දිගටම කරගෙන යාමට වෘතිය සමිතිවලට සහය දක්වමින් හා සාකච්චා මාර්ගයෙන් විසදුමක් ලබා නොදී වර්ජනයක දක්වා තත්වය දීර්ඝ කිරීම ඇමතිවරුන්ගේ උපක්ක්‍රමයකි.
මේ තුලින් ඇමතිවරු දෙදෙනා ලකුණු දාගැනීමට සුදානම් වන්නේ අවසන් මොහොතේ හමුදාව අතට බලය ගෙන වර්ජනය මේ සතියෙයෙත් පවත්වා ගැනීමයි.
විදුලි වෘතිය සමිතිවලට පවසා ඇත්තේ වර්ජනය සිදුකල සියලු දින සදහා රාජකාරි නිවාඩු ලබාදෙන බවයි.මෙයින් පෙනීයන්නේ වර්ජනය පිටුපස ඇමතිවරු දෙදෙනා සිටින බවයි.මෙවැනි දුෂිත ඇමතිවරු තවදුරටත් මෙවැනි තනතුරු ලබාදීම රටේ අවසනාවය.විදුලිබල ඇමතිවරයා යනු රටේ නිෂ්පාදන සදහා යටිතල පහසුකම් සපයන ප්‍රධාන ආයතනයකි.
රටේ විදුලිය බෙදාහැරීමේ එකම ආයතනය වන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වර්ජන උගුලක හසුකර රටේ ජනතාව අපහසුතාවයට පත්කර නිතර මාධ්‍ය වල ප්‍රකාශකර ලකුණු දාගැනීමට කථාකරන කුපාඩි දේශපාලුවන් හෙළාදැකිය යුතුය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සිදුවන විශාල ගල්අඟුරු වංචා,බලාගාර කොමිස් ඇතුළු ජනතාව මත බරපැටවෙන විශාල කොමිස් ගසන ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලයේ මේ ක්‍රියාවන් වලින් යැපෙන ඇමතිවරුන්ට මේ සියල්ල ජනතාවට අමතක කිරීමට යොදාගන්න හොද අවස්තාවක් හා මාධ්‍ය සංදර්ශයක් ලෙස මෙම වර්ජනය මේ සතියෙත් පවත්වාගේනයයි

No comments:

Post a Comment