Friday, September 15, 2017

විදුලිය අඛණ්ඩව දෙන්න පුළුවන් වෙයිද?


ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කර 2014 වසරේ සැප්තැම්බර් මස 01 වන දිනට පසුව විශ්‍රාම ගෙන ඇති සේවකයින් නැවත සේවයට කැඳවීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිඛෙනවා.
එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ විදුලි සේවාව අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුවක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ විශ්‍රාමික සේවකයන් සහ රියදුරන්ට සිය සේවය නැවත ලබා දීමට කැමතිනම් අවසන් වරට රාජකාරී කළ ස්ථානයට වාර්තා කරන ලෙසයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ.
කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය හේතුවෙන් ලංකා  විදුලි බල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවා කාලය තුළ සිටින සේවකයන්ට අද (15) දිනයේ සේවයට වාර්තා කිරීම අනිවාර්ය කිරිමට ද පාලනාධිකාරිය තීරණය කළා.

No comments:

Post a Comment