Friday, September 15, 2017

ජනාධිපතිතුමා හිටන් කියන්න ගිහින් වෙච්ච දෙයක්


දේශපාලනික කරුණු වලට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ජනතාවගේ අවධානයට ලක්ව ඇති හේතු කාරණා කිහිපයක් ඇත. නිසැක ලෙසම ඉන් මුල් තැන ගනුයේ ඔහු විසින් කථා ව්‍යවහාරයේ දී යොදනු ලබන ‘හිටං’ යන වදනය.
තම පෞද්ගලික කතා ව්‍යවහාරයේ දී සේම වසර 28 ක පාර්ලිමේන්තු දේශපාලනික කතා ව්‍යවහාරයේ දී ද ඔහු විසින් යොදා ගන්නා ලද මේ ‘හිටං’ යන වදන සමාජ කරළියට පිවිසෙන ලද්දේ ඒ මහතා ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියත් සමඟිනි මෛත්‍රීපාල සිරිසේන නාමය මේ ‘හිටං’ යන වදනත් සමඟම කොතෙක් සහ සම්බන්ධ වී තිබේද යත් ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ඔහු ‘හිටං සි‍රිසේන’ යනුවෙන් හඳුන්වා ඇති අවස්ථාද අපි දැක ඇත්තෙමු.
ජනාධිපතිවරයාගේ මේ ‘හිටං’ කතාව උපහාසයට නංවන එක්තරා නූතන ප්‍රබන්ධ කතාවක් මෙසේය.
වරක් විදේශ සංචාරයක යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතා සිංහලයෙන් එම සභා වාරය ඇමතීය. එහිදී ඔහුට සුපුරුදු ලෙස කිහිපවරක්ම ‘හිටං’ යන වදන කියවිණි. එහිදී එම කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කළ පරිවර්තකයා එහ ‘හිටං’ යන්න ‘Stand’ යනුවෙන් ඉංග්‍රීසියට නඟා සභාවට ඉදිරිපත් කරන ලදී.
සිංහල බසේ පමණක් නොව ඉංග්‍රීසි බසෙහිද විවිධ ජාතික සංස්කෘතික අනන්‍යතාවයන් අඟවන මෙවන් වදන් ඇතුලත් වී තිබේ. බාහිර පුද්ගලයන්ට ඒවායෙන් නිසි අරුතක් පළ නොවුවද එම ජාතික සංස්කෘතික සන්දර්භය තුළ සිටින්නවුන්ට ඒවා ද ඉංග්‍රීසි‍යේම කොටසකි.
ඒ කෙසේ හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර යොදන මේ ‘හිටං’ යන වදන ඔහු ජන්ම ලාභය ලැබූ වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ එනම් සියනෑ, හාපිටිගම් සහ අළුත්කූරු කෝරළ වල බහුලව යෙදුණු වදනකි. නමුත් නූතන පරපුර අතින් මෙම ව්‍යවහාරය ගිලිහී ගොස් ඇත.

No comments:

Post a Comment