Tuesday, September 19, 2017

CEB යට හමුදාව කැදවීමේ සුදානමක්.. දුම්රියත් හෙට සිට වර්ජනයක..


ලංකා විදුලිබල මණ්‌ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක්‌ විසින් පසුගිය 13 දා දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්‌ඩව 07වන දිනටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ සිය යෝජනාවලට විසඳුම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.
මේ අතර, මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊයේ (18) පස්වරුවේදී තීරණාත්මක සාකච්ඡා දෙකක්‌ පැවැත්විණි. ඉන් එක්‌ සාකච්ඡාවක්‌ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය සහ නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණු අතර අනෙක්‌ සාකච්ඡාව කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන ඇමැති ඩබ්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් වර්ජනයට එක්‌ව සිටින වෘත්තීය සමිති නායකයන් සමඟ සිදු විය.
සාකච්ඡාත් අසාර්ථකයි
කම්කරු අමාත්‍යවරයා සමග විදුලිබල සේවක වෘත්තිය සමිති පැවැති සාකච්ඡාවේදී සිය ගැටළු සම්බන්ධයෙන් පිළිගත හැකි විසදුමක් ලබාදීමට බලධාරින් අපෙහොසත් වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සදහන් කළේය.
එම නිසා තමන් ඉදිරිපත් කළ යෝජනාවලට ලිඛිත විසදුමක් ලබා දෙන තුරු වර්ජනය අඛන්ඩව සිදු කරන බව රංජන් ජයලාල් සදහන් කළේය.
වර්ජනයේ නියුතු වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ඕනෑම මොහොතක සූදානම් බව ලංකා විදුලිබල මණ්‌ඩලය පවසයි.
වර්ජනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම් සිදු වූ අතර එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ද බොහෝ ප්‍රමාද වී තිබිණි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ එම බිඳවැටීම් බොහොමයක් කඩාකප්පල්කාරී ක්‍රියාවන් බවයි.
මීට පෙර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ආමත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ වර්ජනයේ නිරත සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙසටයි. ඒ වර්ජනයේ නිරත වූ පසුගිය 14 සහ 15 යන දින දෙක වැටුප් සහිත නිවාඩු ලබාදෙන බවට ප්‍රකාශයක් ලබාදෙමිනි.
හමුදා සහාය ගන්න ලංවිම සූදානම්
කෙසේ වෙතත් විදුලිබල මණ්‌ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන මහතා පැවසූවේ වර්ජනය දිගටම පැවතුණ හොත් රටේ විදුලි සැපයුම අඛණ්‌ඩව පවත්වාගෙන යැම සඳහා යුද හමුදාවේ සහාය ලබාගැනීමට සූදානම් බවයි.
විදුලිබල මණ්ඩලයේ වර්ජනයට සම්බන්ධ සේවකයින් වැටුප් සම්බන්ධයෙන් කරන ඉල්ලීම රටකට ලබාදිය හැකි ඉල්ලීමක් නොවන බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලයේ වංචාවක් සිදුව ඇති බවට සේවකයින් ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවයි.
මේ අතර 
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම විරෝධතාව සිදු කරන බව වාර්තා වෙයි.

No comments:

Post a Comment