Tuesday, September 19, 2017

රන්ජන් හා නාමල් ප්‍රසිද්ධියේ බැනගනියි තමන්ගේ ආණ්ඩුවේ දුෂණ ගැන කතාකරන්න රන්ජන් - නාමල් කියයි


නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ පාර්ලීමේන්තූ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර සිදු වූ මෙම මත ගැටුම ඊයේ දින ට්විටර් සමාජජාල වෙබ් අඩවියේ අතිශය අවදානයට ලක්ව තිබුනා.
මෙම මත ගැටුම ඇරඹුනේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාද සම්බන්ධ කර ට්විටර් පණිවිඩ‍යක් නිකුත් කිරීමත් සමගය. එහිදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියේ, රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ආගමික නායකයන් සහ අධිකරණයේ විනිසුරුවරුන් ඉලක්ක කිරීමට පෙර, වත්මන් රජයේ දූෂණ වංචා පිළිබඳව කතා කළ යුතු බවය. 
මෙයට පිළිතුරු ලබාදුන් රන්ජන් රාමනයාක නියෝජ්‍ය අමාත්‍යවරයා, ” දූෂණ‍යේ අත්දැකීම් ඇති පුද්ගලයෙක් දූෂණය පිළිබදව කතා කිරීම පිළිබදව සතුටු වනවා ” ලෙස කි‍යා තිබුනා.
ඉන් ඇරඹුනු මෙම මත ගැටුම ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ බොහො දෙනාගේ අවදානය දිනා ගනිමින් දිගින් දිගටම පැවතුනා.
සිදුවීමට අදාළ ට්විටර් පණිවිඩ පහතින්

No comments:

Post a Comment