Thursday, September 28, 2017

රෝහින්‍යවරු උතුරට එවන්න අපි සුරක්ෂිතව රැකබලා ගන්නම් - ශිවජිලින්ගම්ගෙන් යෝජනාවක්

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ හිමිවරුන් පිරිසක් කරන විරෝධතා හෙළා දකින අතර, රෝහින්ග්‍යා  සරණාගතයින් උතුරට යොමු කරන ලෙසත් අදාළ පිරිස රැක ගැනීමට හැකියාවක් තිබෙන බවත් උතුරු පළාත් සභා මන්ත්රී  එම්.කේ.ශිවාජිලිංගම් පවසයි.

යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පළාත් සභා සැසි වාරය ඊයේ(28) පැවැත්වු අවස්ථාවේදී ඔහු එලෙස පැවසුවේය.

රෝහින්ග්‍යා  මුස්ලිම්වරුන්ට එරෙහිව බෞද්ධ හිමිවරුන් කරන විරෝධතා හෙලා දකිමින් , මෙරට රැදී සිටින අදාළ සරණාගතයින් රැක ගත යුතු බවට පළාත් සභාව වෙත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු පැවැසීය.

 රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් උතුරු පළාත් සභාවට බාර දෙන්නේ නම් එම සරණාගතයින් උතුරු පළාතේ කොතනක හෝ ආරක්ෂිතව තබා ගැනීමට උතුරු පළාත් සභාවට කටයුතු කළ  හැකි යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ ප්‍රකාශයට කැමැත්ත පළ කළ  අතර
 පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සභාවට සහභාගි නොවිණ.

No comments:

Post a Comment