Monday, September 25, 2017

මහින්ද ආණ්ඩුවට හොරෙන් සහය දුන්නා - ගම්මන්පිළ ගෙන් මහින්දට අභියෝගයක්

ආණ්ඩුව පුංචි ඡන්දේ කල් දැම්මේ මැතිවරණ කොමිසමේ වංක සහයෝගයෙන් වන බැවින්  2018 දෙසැම්බර් වන තුරු ඡන්දය නොපවත්වනතුරු බලා නොසිට මැතිවරණ කොමිසම දැන්ම වහාම ඉල්ලා අස්විය යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවැසීය.

ඔහු මේ අදහස් පැවැසූවේ අද(25) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

2015 ජනාධිපතිවරයා විසින් කොට්ඨස සිමානිර්ණය පිළිබද ගැසට් නිවේදනය කළ පසු  මැතිවරණය පැවැත්වීමට  මැතිවරණ කොමිසමට ඕනෑ තරම් අවස්තාව තිබුණු නමුත්  කොමිසම එසේ නොකොට  සීමානිර්න අභියාචනා කමිටුව පෙන්වමින් මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කළ බවට ඔහු මෙහිදී චෝදනා කළේය.

සීමානිර්ණය පිළිබද අභියාචනාවක් පවතින විට මැතිවරණ පැවැත් වීමට නොහැකි යැයි නීති පොතේ කොතැනකවත් නැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඔහුගේ මෙම ප්‍රකාශයත් සමග එකඟ නොවන්නේ නම් ඒ පිළිබඳ ඔහුත් සමග ප්‍රසිද්ධ විවිදයකට එන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට අභියෝග කළේය. 

කොට්ටාස ක්‍රමය පෙන්නා ඡන්දය කල් තැබීමට පසුගිය බදාදා ආණ්ඩුව උත්සහා කරන අතරේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් අගමැතිවරයා හමු වී දැඩි පීඩනයක් යොදා  2018 මාර්තු අවසානයට පෙර මැතිවරණ පැවැත්වීමට එකග කරගත් වාතාවරණයක 2018 දෙසැම්බර් වන විට මැතිවරණ පැවැත්වුයේ නැති නම් තමන් ඉල්ලා අස් වෙනවා යැයි පවසමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ආණ්ඩුවට  තවත් මාස නවයක් මැතිවරණය කල් දැමීමට අවස්ථාව සලසා දී ඇත් බවට ද ඔහු මෙහිදී  චෝදනා කළේය. 

No comments:

Post a Comment