Saturday, September 30, 2017

කොටින්ගේ සුවදුක් බැලීමට එක්සත් ජාතීහු ලංකාවට - එන්නෙත් බිහිසුණු යුධ අපරාධකරුවන් බලන්න


බිහිසුණු යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් 90 කගේ සුවදුක්‌ විමසීම සඳහා එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ දෙසැම්බර් මස මුල් සතියේදී ජිනීවා සිට මෙරටට පැමිණීමට නියමිතය.

ඔවුන් ත්‍රිකුණාමලයේ ගන්සයිට්‌ නාවික කඳවුර සහ වවුනියාවේ ජෝශප් හමුදා කඳවුරු පරීක්‍ෂා කිරීමට නියමිතය.

ත්‍රස්‌තවාදීන් පිරිසකගේ සුවදුක්‌ විමසීමට එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ පැමිණෙන මුල් අවස්‌ථාව මෙයයි.

එම විමර්ශන කණ්‌ඩායම තම නිරීක්‌ෂණ වාර්තාව ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන ලෝක මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය - ස්‌විට්‌සර්ලත්තයේ ජිනීවා නුවර සිට Divaina 2017/10/01

No comments:

Post a Comment