Monday, September 18, 2017

අහංගම කඩාවැටුණු ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් - අනුමැතිය ඇත්තේ මහල් 3 කට පමණයි



අහංගම – පැලැස්ස ප්‍රදේශයේ දී අද (18) පෙරවරුවේ කඩාවැටුණු ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරී ඊ.ආර්. බන්දුල පැවසුවේ 2015 වසරේදී හබරාදුව ප්‍රාදේශීය සභාවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගෙන ඇත්තේ මහල් 3කට පමණක් බවයි.
නමුත් මෑතකදී එහි තවත් මහල් 2ක් අනුමැතියකින් තොරව ඉදිකිරීම ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.
ප්‍රාදේශීය සභාව විසින් අනුමැතිය ලබාදී ඇති නිර්දේශ නොතකා ඊට තවත් ගොඩනැගිල්ලක් එක්කිරිම අනවසර ඉදිකිරීමක් ලෙස සැළකෙන බවද ඊ.ආර්. බන්දුල කියා සිටියා.
නිර්දේශ නොතකා ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා ගොඩනැගිල්ල කඩාවැටී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
අහංගම, පැලැස්ස ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල විදේශිකයකුට අයත් වූවක් බව පැවසෙනවා.
ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පුද්ගලයන් 5 දෙනකු පමණ තුවාල ලැබූ අතර තවත් පුද්ගලයෙක් සුන්බුන් අතර සිරවී සිටියදී මුදා ගැණුනා. තුවාලකරුවන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

No comments:

Post a Comment