Monday, September 25, 2017

තවත් ආයුධ තොගයක්ම යාපනයේ ළිදකින් ගොඩගනී - ගුවන් යානා නාශක පතුරම් පෙට්ටි 67ක්!

යාපනය, කන්කසන්තුරය මයිලිඩි ප‍්‍රදේශයේ පැරණි ළිඳක තිබී ගුවන් යානා නාශක පතුරම් 5700 ක් සහිත පතුරම් පෙට්ටි 67 ක් ඊයේ(25) සොයාගත් බව කසන්කසන්තුරය පොලිසිය පැවැසීය.

 පැරණි ළිඳක් පිරිසිදු කිරීමේදී අදාළ පතුරම් පෙට්ටි හමුවී ඇති අතරෙ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව  පතුරම් සහිත පෙට්ටි ගොඩ ගෙන ඇත.

එක් පතුරම් පෙට්ටියක ගුවන් යානා නාශක පතුරම් ආසන්න වශයෙන් 87 ක් බැගින් පැවති බවද පොලිසිය සඳහන් කළේය.

මයිලිටි ධීවර වරාය ඇතුළු ප‍්‍රදේශය පසුගියදා සිවිල් ජනතාව වෙත නිදහස් කරනු ලැබීය.

පලාලි ගුවන් හමුදා කඳවුර ආසන්න ප‍්‍රදේශයේ මයිලිටි පිහිටා ඇති අතර යුධ සමයේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් පලාලි ගුවන් පථයෙන් පිටත්වන ගුවන් යානා වෙනුවෙන් පහරදීමේ සුදානමකින් අදාළ පතුරම් තොගය රැගෙන එන්නට ඇති බව ආරක්ෂක අංශ සැක පළ කරති.

 ළිඳ තුළ තවත් පතුරම් පවතින්නේද යන්න සම්බන්ධයෙන් අද(26) දිනයේදී ද වැඩිදුර පරීක්ෂා කිරීමට නියමිත බව කන්කසන්තුරය පොලිසිය පැවසූවේය. 

සොයාගත් පතුරම් තොගය යාපනය,මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක‍්‍රීය අංශ වෙත ලබාදීමට නියමිත බවද පොලිසිය පැවසීය.

No comments:

Post a Comment