Tuesday, October 3, 2017

නොදන්නා දේවල් කතා කරන්න ගොස් හිරුනිකා අනා ගනී.. ගම්මන්පිලට මිලියන 500ක් ගෙවන්නැයි උසාවි නියෝගයක්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට රූපවාහිනී සාකච්චාවක ප‍්‍රසිද්ධියේ අපහාස කලේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මියට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව ඒකපාර්ශකව විභාග කර තීන්දුවක් ලබා දී ඇත.
ඒ අනුව මන්ත‍්‍රී උදය ගම්මන්පිලට රුපියල් බිලියන බාගයක වන්දි මුදලක් ගෙවන ලෙසද ඇයට නියෝග කර ඇත.
පිවිතුරු හෙල උරුම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
‘2015 ජූලි 02 දින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිතුමිය රූපවාහිනි වැඩසටහනකට ඇවිත් මම හොරෙක් යැයි කියමින් මට අපහාසාත්මකව කතා කළා. අම්මා තාත්තා පවා පචයා කියලා නම දාපු ඇමතිවරයෙකුගේ ඉගැන්නුම් බසටයි එසේ කලේ.
මට සිදු වුණු අපහාසයට වන්දි ලෙස ඇය ගෙන් රුපියල් මිලියන පන්සියක් අය කර දෙන මෙන් ඉල්ලා මම කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරුවා. පච ඇමති කියූ කතා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නොමැති නිසා ඇය අධිකරණයට පැමිණියේ නෑ. එසේ අධිකරණයට පැමිණියා නම් අර බ්‍රයන් ෂැඩික්ට උනා වගේ මට මතක නෑ මම දන්නෙ නෑ කියන්න තමයි ඇයටත් වෙන්නේ.
ඒකපාර්ශවිකව නඩුව විභාග කරලා මට රුපියල් මිලියන 500ක් ගෙවන්න කියලා අධිකරණය ඇයට නියෝග කළා. මට යුක්තිය ඉටු කිරීම පිළිබඳ මම අධිකරණයට හිස නමා ආචාර කරනවා. තමන්ගේ කළු ඩිෆෙන්ඩරය අහිමි වේවි කියන බියට කල් මැරීම සඳහා ඇය අභියාචනා කර තිබෙනවා. නමුත් ඇගෙ ඉරණම දැන් තීන්දු වී හමාරයි’


No comments:

Post a Comment