Sunday, October 1, 2017

භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක් නිසා බුද්ධ දර්ශනයට හානි සිදුවෙනවා - අමරවිරගෙන් හා තලතාගෙන් චෝදනාවක්

භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින ගෞරවය බිදවැටෙන අයුරින් කටයුතු කරන භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් හානී සිදුවන්නේ බෞද්ධ දර්ශනයට බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අනෙකුත් ආගමික නායකයින්ගේ ක්‍රියාකාරීත්වය ආදර්ශයට ගනිමින් කටයුතු කිරීමෙන් බුදු දහමත් රටත් ආරක්ෂා කරගත හැකි බවයි.

මේ අතර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළේ භික්ෂූන් වහන්සේ  බෞද්ධ දර්ශනයට අගෞරවය වන අයුරින් කටයුතු කරන බවයි. 

මේ අතර මෙරට ජාතීවාදයේ සහ ආගමික අන්තවාදයේ ගොදුරු බවට පත්වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කළුතර දිස්ත්‍රීක් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment