Friday, October 13, 2017

ගල්කිස්සේ බාලිකාවක කෙල්ලෝ ලව් ටොෆි කාල වෙච්ච දේ මෙන්න!







යම් ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මත්වූ ගල්කිස්ස ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.
එම පාසල අසළ තිබූ වෙළඳසැලකින් ‘‘ලව්...‘‘ යන නාමයෙන් ආරම්භවන ටොෆී වාර්ගයක‍් කෑමෙන් පසු  සිසුවියන් දෙනො මෙසේ මත්වී ඇති බව වාර්තාවනවා.
මොහොමඩ් රිස්ලි රිෂාඩ්, මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රිස්වාන් යන එම වෙළඳසලේ හිමිකරුවන් දෙදෙනා පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර මේ මස 19 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ගල්කිස්ස අධිකරණය නියෝග කර තිබෙනවා.
අලෙවි කළ අදාළ ටොෆි පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කර ඇති බවද,මේ සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිනියගෙන්ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙ බවද වාර්තාවනවා..

No comments:

Post a Comment