තම කුස උපන් එකම පුතණුවන්ගේ විවාහ උත්සවය සිදු වූ දිනයේදී මඟුල් පෝරුවේ කටයුතු මෙන්ම එම දිනයේ පැවැති සියලු චාරිත්‍ර මව විසින් සිදු කරන ලද අපූරු මංගල උත්සවයක් පිළීබඳව අපිට අහන්න ලැබුණා.
සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් විවාහ උත්සවයකදී පෝරුවේ චාරිත්‍ර සිදු කරන අයුරු මීට කලින් අප දැක නැත. එසේ චාරිත්‍ර සිදු කරන්නෙහි නම් එය කලාතුරකින් සිදු වන්නකි. රට තොට බොහෝ අවස්ථාවන්හිදී සිදු වන මඟුල් තුලාවන්වලදී වැඩි වශයෙන් එම චාරිත්‍රයන් සිදු කරන්නේ පිරිමි පාර්ශ්වයේ අය විසිනි. එහෙත් මෙහි සියලු කටයුතු කාන්තාවක විසින් සිදු කිරීම මෙහි විශේෂත්වයයි. ඇයගෙන් දැන ගැනීමට හැකි වූ පරිදි මංගල අවස්ථාවන් වලදී මංගල පෝරුවේ කටයුතු ඇය විසින් සියයකටත් වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.
කෙසේ වෙතත් තමන්ගේ වැඩිමහල් පුතණුවන් වන සුදීර සමන් කුමාර අරණායක ප්‍රාදේශීය ලේකම් කලාපයේ රහල ප්‍රදේශයේ උපන්නෙකි. ඔහුගේ පවුලේ සාමාජිකයන් වන්නේ මව සහ පියාත් තම එකම සහෝදරියත්ය. නිසි වයසට පත් වීමෙන් පසුව යෝජනාවක් මත දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගේ ආශීර්වාදයෙන් පසුගිය දිනෙක ඔහුගේ විවාහ උත්සවය අනුරාධපුරයේ, බෙල්ලන්කඩවල, පලුගස්වැව පදිංචි නදීකා සෝමරත්න සමඟ සිදුවිය. මනමාලියගේ ගෘහයේදී එම සරණ මංගල්‍ය පැවැත්විණි.
එදින උදෑසන මංගල පෝරුවේ කටයුතු ශුභ හෝරාවෙන් ආරම්භ කිරීම සිදු වූ අතර වෙනදා මෙන් නොව මංගල උත්සව අවස්ථාවන්වලදී පෝරුව ඉදිරියේ ඇසෙන පිරිමි කවි හඬ මෙන්ම එහි සිදු වන කතා බහ වෙනුවට උස් ස්වරයකින් කාන්තාවකගේ හඬ රැව් පිළි රැව් දෙන්නට විය. මෙම පෝරුවේ කටයුතු සහ එහි චාරිත්‍ර විධි මෙහෙයවන්නේ මනමාලයා ලෙස රාජ කුමාරයකු සේ මුල් ඇඳුමෙන් සැරසී පෝරු මස්තකයේ සිටින තම එකම පුතු වෙනුවෙන් සිය මව විසින්ම බව පසුව සියලුදෙනාම දැනගත්හ. ඇය නමින් ඩබ්ලිව්. එස්. අනුලාවතීය. ඇයගේ වයස අවුරුදු 57කි. මේ කටයුතු බලා සිටි බොහෝ දෙනා පැවසුවේ මෙවැනි අවස්ථාවක් මුල් වතාවට දැක ගැනීමට හැකි වූ දුර්ලභ සිද්ධියක් බවයි.
මේ අනුලාවතී මහත්මිය ඒ ගැන කියපු කතාවයි..
"මාගේ තාත්තා සිංහල වෙදකම කරන කෙනෙක්. තාත්තා මියගියේ 2000 වර්ෂයේ. තාත්තා මිය යන්න කලින් ඉඳන් සිය වෙදකම මෙන්ම, මංගල උත්සව අවස්ථාවල පෝරුවේ කටයුතු, පෝරුව සැරසීම ඇතුළු චාරිත්‍ර සිදු කළ කෙනෙකු හෙයින් කලල්පිටියේ ගුරුන්වහන්සේ කියලා ප්‍රදේශය තුළ බොහෝ දෙනකු අතර ප්‍රසිද්ධ වී සිටියා. තාත්තා කරපු මේ දේවල්වලට මාගේ ලොකු කැමැත්තක් මෙන්ම ආශාවක් තිබුණු නිසාම මං අවුරුදු 10 විතර ඉඳන් තාත්තා එක්ක මංගල අවස්ථාවල සිදු වන පෝරුවේ කටයුතු සිදු කරන්න රට හැම තැනම ගියා.
මගේ ආශාව හා කැමැත්ත නිසාම තාත්තා මට පෝරුවේ සිදු වන චාරිත්‍ර ගැන සහ එම කවි පාඩම් කර ගැනීමට පොත්පත්වල ලියලා දීලා තිබුණා. ඒවා ඒ කාලේ මම දවසින් දෙකෙන් පාඩම් කරලා උනන්දුවෙන් මේ දේවල්වලට සම්බන්ධ වුණා. මට වයස අවුරුදු 20 පැන්නාට පස්සේ මම තනිවම මඟුල් ගෙවල්වලට ගිහින් තාත්තාගේ ආශීර්වාදයෙන් ඒ කටයුතු සිදු කළා. දැනට මගේ තාත්තා නැති වෙලා අවුරුදු 17 ක් වෙනවා. ඒ කාල සීමාවේදී මඟුල් ගෙවල් සියයකට වැඩි ප්‍රමාණයක මම මඟුල් පෝරුවේ කටයුතු සිදු කරලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි එහි මංගල යුවළට අනාගතය සාර්ථක කර ගැනීම වෙනුවෙන් කතා පවත්වමින් කෑම මේසය, රස කැවිලි මේසය භාරදීම යුවළ මවුපියන්ට භාරදීම දක්වා කටයුතු මාගේ අතින් අදටත් සිද්ධ වෙනවා."
සාමාන්‍යයෙන් කාන්තාවන් මේ වාගේ කටයුතු කරන්න වැඩි කැමැත්තක් නැහැ. ඒ අතරින් ඔබ විශේෂිතයි නේද? ඒ ගැන මොනවාද කියන්න තියෙන්නේ?
"ඒක ඇත්තක්. ඒ වුණත් මම මේ දේවල් කරන්නේ මහා ලොකු ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවෙයි. බෞද්ධ ධර්මයට මෙන්ම ඒ ආශි්‍රත ආගමික කටයුතුවලට මගේ කුඩා කාලයේ සිටම තිබුණු ආශාව මේ කටයුතු වෙනුවෙන් මා පෙලඹෙව්වා. ගොඩාක් අවස්ථාවලදී මඟුල් ගෙවල්වල පෝරුවේ කටයුතු කළාට පස්සේ ඒ ස්ථානවලට එන බොහෝ දෙනකු මගෙන් මේ ගැන විශ්මයෙන් වගේ අහනවා. එයාලටත් ඔබට වාගේම මෙය හරි පුදුමයක්.
"ඒක ඇත්තක්. ඒ වුණත් මම මේ දේවල් කරන්නේ මහා ලොකු ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවෙයි. බෞද්ධ ධර්මයට මෙන්ම ඒ ආශි්‍රත ආගමික කටයුතුවලට මගේ කුඩා කාලයේ සිටම තිබුණු ආශාව මේ කටයුතු වෙනුවෙන් මා පෙලඹෙව්වා. ගොඩාක් අවස්ථාවලදී මඟුල් ගෙවල්වල පෝරුවේ කටයුතු කළාට පස්සේ ඒ ස්ථානවලට එන බොහෝ දෙනකු මගෙන් මේ ගැන විශ්මයෙන් වගේ අහනවා. එයාලටත් ඔබට වාගේම මෙය හරි පුදුමයක්.
තාත්තාට මං පිං දෙනවා. මට මේ දේවල් ඇතුළුව සිංහල සර්වාංග වෙදකම පවා මට කියලා දුන්නා. අද මං වෙදකම කරන්නේ නැහැ. එහෙත් ඒ ආශි්‍රත පොඩි පොඩි කටයුතු මා විසින් සිදු කරනවා. මගේ මහත්තයා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. අද විවාහ වන පුතා මූර්ති ශිල්පියෙක් වගේම චිත්‍ර ශිල්පියෙක්. මගේ බලාපොරොත්තුව පුතාට මේ දේවල් කියලා දෙන්නයි.
මගේ අම්මාට දැන් වයස අවුරුදු 80ක් වෙනවා. අම්මා වුණත් හරි සතුටින් තමයි ඉන්නේ තාත්තාගේ කටයුතු මං විසින් සිදුකරගෙන ඒ චාරිත්‍ර පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ඒම ගැන."
No comments:
Post a Comment