පස් හැවිරිදි වියේ පසුවන ළදරු පාසල් යන දරුවෙකු පැහැරගෙන යන්නට ඇතැයි අද (15) උදෑසන පොලිසියට ලැබුන පැමිණිල්ලක් නිසා විශේෂ කණ්ඩායම් යොදවා විමර්ශන කරන අතරතුර දී නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සිට දරුවා හමුවූ පුවතක් හලාවත මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මාදම්පේ - වැල්පොතුවැව ප්‍රදේශයේ පදිංචි රෝහිත ලෙස්ලි හා දමයන්ති නිරෝෂා යන අයගේ පස් හැවිරිදි පුත් චමිදු රනීශ කුඩා දරුවාව මෙසේ පැහැරගෙන යන්නට ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
දරුවා කොක්කවිල ප්‍රදේශයේ ළදරු පාසලකට යන අතර අද (15) උදෑසනද දරුවා ළදරු පාසල් ගෙන යාමට සුදානම් කර ඇති බවත් පොලිසිය පවසනවා.
මේ අතර දරුවා පාසල් ගෙන යාම සඳහා පිටත්වීමට ගිය අවස්ථාවේ දී දරුවා පෙනෙන්නට නොසිටි අතර දෙමාපියන් සෑම ස්ථානයකම විපරමින් පරික්ෂා කළත් දරුවා සිට නැති බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.
මේ අතරවාරයේ එම නිවස අසල මාර්ගයකන ගිය බටිටා ලොරියක් එක්වරටම අධික වෙිගයෙන් ගිය අතර දෙමාපියන් තුළ එම දරුවා පැහැරගෙන යනු ඇතැයි බියක් හට ගෙන ඔවුන් වහාම 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ඇමතුමක් ලබ දී තම පුතා කිසිවකු විසින් ලොරියක පටවා ගෙන යන්න ඇති බවට පැමිණිළ්ලක් දමා ඇති බවත් සඳහන් වන්නේ.
ඇමතුම ලද සැණින් මාදම්පේ හා හලාවත පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් දරුවා පැහැර ගෙන ගිය බව කියන ලොරිය සොයා යතුරු පැදි කණ්ඩායමක් පිටත් කර තවත් නිලධාරින් පිරිසක් දරුවා ගැන තොරතුරු සොයා බැලිමට දරුවා විසූ නිවසට ගොස් තිබෙනවා.
නිලධාරීන් දෙමාපියන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන මුලින්ම දරුවා සොයා නිවස අවට සූක්ෂම ලෙසින් පරික්ෂා කර පසුව නිවස තුළට ගොස් විපරම් කර බැලීමේදී නිවසෙහි රෙදි සෝදන යන්ත්‍රයක් ඇති බව දැක එක් නිලධාරීයෙක් සැකයට වාගේ එම යන්ත්‍රයේ දොර විවෘත කර බැලීමේදී පැහැර ගෙන ගිය බව කියන දරුවා රෙදි සෝදන යන්ත්‍රය තුළ ගුලි වී, දාඩිය පෙරා ගෙන සිටිමින් ඇති බව දැක තිබෙනවා.
ඒ සමගම දරුවා ළදරු පාසල් ගෙන යන බෑගයද ඒ තුළ තිබී හමු වී ඇති අතර තමා ළදරු පාසල් යන්නට අකමැති නිසා රෙදි සෝදන යන්ත්‍රය තුලට ඇතුළු වී සැගවුණ බවයි දරුවා පොලිසියට පවසා ඇත්තේ.
දරුවා පැයක පමණ කාලයක් රෙදි සෝදන යන්ත්‍රය තුළ සිට ඇති බවත් තව ටික වෙිලාවක් දරුවා යන්ත්‍රය තුළ සිටියේ නමි දරුවාගේ මරණය පවා සිදුවිය හැකි බවයි පොලිසිය පවසන්නේ.
දරුවා නිවස තුළ සිටියදීම සොයාදුන් හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුරංග දහනායක මාදසිපේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත කුමාර යන අය ඇතුඵ නිලධාරින් ආපසු පිටත්ව ගොස් තිබෙනවා.
හලාවත පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේලිගේ උපදෙස් අනුව මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
No comments:
Post a Comment